අලෙවියට මඟක් නැති රාගල පෙයාර්ස් . . .

ශ්‍රී ලංකන් ඇපල් ලෙස ප්‍රකට නුවරඑළියේ රාගල පෙයාර්ස් අළෙවි කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට  ලක්ව ඇතැයි රාගල පොයාර්ස් ගොවීහු පවසති.

රාගල පෙයාර්ස්වල  අස්වැන්න වැඩි වශයෙන් නෙලන කාලය මේ දිනවල යෙදී ඇති බවත්,  දැනට තමන් රුපියල් 700 ක වැනි මුදලකට පෙයාර්ස් කිලෝවක් අළෙවි කර ගනිමින් සිටින බවද ඔවුහු කියති.

තමන්ගෙන් රුපියල් 700 ක පමණ මුදලකට ලබා ගන්නා පෙයාර්ස් කිලෝවක් ඉන් පසුව රුපියල් 1600 ත් 2000 ත් අතර මුදලකට වෙළෙදපොලේ අළෙවි වන බවත්, මෙහි විශාල ලාභයක් අතරමැදියන් අතට පත්වෙන බව රාගල පෙයාර්ස් ගොවීහු පෙන්වා දෙති.

මේ වනවිට නුවරඑළියේ රාගල,  මන්ත්‍රීතැන්න, බිංගන්තලාව, ගෝනපිටිය, පලල්පතන, රත්නායක පතන, ගෝනකැලේ, සෙන්ජෝන්  ආදී ප්‍රදේශවලත් එමෙන්ම වැලිමඩ ආශ්‍රිත  ලකීලෑන්ඩ්, මැදපතන, ගොම්බාලිකන්ද ආදි ප්‍රදේශවලත් පෙයාර්ස් වගා අස්වනු මේදිනවල නෙලන  බව පෙයාර්ස් ගොවීහු කියති.

මෙම පෙයාර්ස්  වගාව වැඩි දියුණු කිරීමට රජය මැදිහත්ව කටයුතු සිදු කළ යුතු බවත් පෙයාර්ස් වගා කළ හැකි ප්‍රදේශවල මුඬු  ඉඩම් ගොවියන්ට රජය මැදහත්ව ලබාදී මේ වගාව දියුණු කරන්න උත්සාහ කළ යුතු බවත් ගොවීහු  කියති.

  • ශාන්ත චන්ද්‍රසිරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුමාර වෙල්ගමට පහරදෙයි . . .

Thu Aug 3 , 2023
හිටපු අමාත්‍ය හා  කළුතර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ට අද පෙරවරුවේ මතුගම නගරයේ දී කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලිසිය කියයි. මතුගම නගරයේ එළවළු වෙළෙඳහලක් තුළ සිදු වූ බහින් බස් වීමකින් පසු මන්ත්‍රීවරයාට පහරදී ඇතැයි පොලිසිය කියයි. පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පහරදුන් පුද්ගලයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x