ලංකා ධීවර සංස්ථා පාරිභෝගික ගෙවීම් QR ක්‍රමය ඔස්සේ . . .

ලංකා ධීවර සංස්ථාව ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස පාරිභෝගික ගෙවීම් සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දීම ගම්පහ ධීවර සංස්ථා අලෙවිසැල් පරිශ්‍රයේදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

රාජ්‍ය ආයතන නූතන ඩිජිටල් ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමේ නව වැඩපිළිවෙළට සමගාමීව ලංකා ධීවර සංස්ථාව මෙම නව ගෙවිම් ක්‍රමවේදය SLT මොබිටෙල් සහ Lanka QR එක්ව හඳුන්වා දී තිබීම විශේෂත්වයක්.

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මෙය දිගු ගමනක ඇරඹුමක් බවයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියල් නිශාන්ත ,

“අතිගරු ජනාධිපතිතුමා අදහස් කරනවා නූතන ලෝකයට ගැලපෙන විදිහට රාජ්‍ය ආයතන යාවත්කාලීන කරන්න. බොහෝ යල්පැනගිය ක්‍රමවේද තවමත් අපේ රටේ රාජ්‍ය ආයතන තුල ක්‍රියාත්මක  වෙනවා. ගනුදෙනුකරුවන් අපහසුතාවයට පත්වෙනවා වගේම, වංචා දූෂණ වැඩිවෙන්නත් මෙම හේතු හේතුවෙලා තියනවා.

ලංකා ධීවර සංස්ථාව විදිහට මෙය අපි තබපු කුඩා පියවරක්, නමුත් මෙය පළමු පියවර සහ ඩිජිටල්කරණය සඳහා යන ගමනේ ඇරඹුම” ඒ අනුව දිවයින පුරා ඇති 100කට අධික ලංකා ධීවර සංස්ථා අලෙවිසැල් ජාලෙයේ ගෙවීම් ජුනි 13 වන දා සිට QR කේත ක්‍රම ඔස්සේ සිඳුකල හැකිය.

ඉදිරියේ දී සංස්ථාවේ මූල්‍ය පද්ධති ඇතුළු බොහෝ අංශ ඩිජිටල් කරණයට බඳුන්වනු ඇත. පාරිභෝගිකයන් හට ගුණාත්මක සේවාවක් ලබා දෙන අතරේ, වංචා දූෂණ වලින් තොර මූල්‍ය ක්‍රියාවලියක් ආයතනයේ ක්‍රියාත්මක කිරීම මෙහි අරමණුයි.

මෙම අවස්ථාවට ධීවර සංස්ථාවේ සභාපති D.V උපුල් , ධීවර සංස්ථාවේ සාමාන්‍ය අධිකාරි රුවින්ද ගුනරත්න , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී sltmobitel රන්මල් ෆොන්සේකා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

  • මාධ්‍ය ඒකකය, ධීවර රාජ්‍ය අමාත්‍යාංශය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් බදු දෙයි . . .

Wed Jun 14 , 2023
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම සඳහා අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවා ඇති බව වාර්තා වෙනවා. ඒ යටතේ සංචාරක ප්‍රවර්ධනය හා වෙනත් කටයුතු සඳහා අයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා දෙන්නැයි ඉල්ලා ඇති බවයි එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ. ලබන 24 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින අතර මේ යටතේ මුහුදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x