පූජිත්ට නීතිපතිගෙන් චෝදනා . . .

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇතැයි නීතිපතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

අදාළ චෝදනාවලින් පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල දුන් තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම අද යළි විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මෙම කරුණු ඉදිරිපත් කළේය.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර  සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචන විභාගය පැවැත්වී තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රන් පැහැති ආඳෙක් හමුවෙයි . . .

Thu Aug 3 , 2023
පොළොන්නරුව, දිඹුලාගල, පැළෑටියාව වැවේ 03 වැනිදා සවස මසුන් අල්ලමින් සිටි ධීවරයකුට දුර්ලභ රන්වන් කහ පැහැති, අඩි දෙකහමාරක් පමණ දිග ආඳෙකු හමුවී ඇත. දෛනිකව ධීවර කටයුතු කරන පැළෑටියාව ගම්මානයේ එච්.එම්. විමලරත්නට එම ආඳා හමුවී ඇති අතර, පසුව එම ආඳා ඔහු පැළෑටියාව ගම්මානයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවය කරන ආර්.එම්.යූ.කේ, බණ්ඩාරට ලබාදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x