පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්‍ෂක තරගයක් . . .

ඉදිරි ජනාධිපතිවරණයෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දක්වන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

එම තීරණය පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් ගනු ඇති බවද එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට අපේක්ෂකත්වයට සුදුසු යැයි තිදෙනකුගේ නම් ප්‍රකාශ වී ඇති බවද වාර්තා වෙයි.

බැසිල් රාජපක්‍ෂ, ධම්මික පෙරේරා  ද නාමල් රාජපක්ෂ ද තරුණයෙකු ලෙස ජනාධිපති ධුර අපේක්ෂකත්ව වෙනුවෙන් සුදුසු බවට සාකච්ඡා වී තිබේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ අපේක්ෂකයා බවට පත් කිරීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි තීරණය කිරීමටද හැකියාව ඇති නමුත් ඒ පිළිබඳව මේ වනතෙක් අවසන් තීරණයක් ගැන නැති බවත් සඳහන් වෙයි.

ඒ අනුව මේ පිළිබඳව බැසිල් රාජපක්ෂ හා ජනාධිපතිවරයා අතර පැවැත්වෙන වැඩිදුර සාකච්ඡාවලින් පසුව අවසන් තීන්දුවක් දැනුම් දෙනු ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තැපෑල පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණය . . .

Fri Dec 8 , 2023
තැපැල් සේවකයෝ ඉල්ලීම් කිහිපයක් ඉල්ලමින් පාර්ලිමේන්තු වටරවුම දී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණී. නුවරඑළිය තැපැල් කාර්යාලය, මහනුවර තැපැල් ගොඩනැගිල්ල ඇතුළු තැපැලේ පොදු සම්පත් විකිණීමට එරෙහිව හා රුපියල් 20000ක් වැටුප් වැඩිවීමක් ලබා දෙන මෙන් රජයට බලකරමින් තැපැල් සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් පාර්ලිමේන්තු වටරවුම දී අද (08) පැවැත්විය. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x