රන් පැහැති ආඳෙක් හමුවෙයි . . .

පොළොන්නරුව, දිඹුලාගල, පැළෑටියාව වැවේ 03 වැනිදා සවස මසුන් අල්ලමින් සිටි ධීවරයකුට දුර්ලභ රන්වන් කහ පැහැති, අඩි දෙකහමාරක් පමණ දිග ආඳෙකු හමුවී ඇත.

දෛනිකව ධීවර කටයුතු කරන පැළෑටියාව ගම්මානයේ එච්.එම්. විමලරත්නට එම ආඳා හමුවී ඇති අතර, පසුව එම ආඳා ඔහු පැළෑටියාව ගම්මානයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවය කරන ආර්.එම්.යූ.කේ, බණ්ඩාරට ලබාදී තිබේ.

එම් දුර්ලභ ආඳා දැකබලාගැනීමට ගම්මානයේ බොහෝ දෙනා පැමිණෙමින් සිටිති. මීට පෙර මෙවැනි දුර්ලභ, රන්වන් කහ පැහැති ආඳෙකු හමුවී ඇත්තේ මීට වසර හතරකට ඉහතදී අනුරාධපුර නාච්චාදූව වැවෙහි මසුන් අල්ලන එම්. එම්. ෆාරුක් නම් ධීවරයකුටය. මෙවැනි ආඳෙකු මීට පෙර කිසිදා නො දුටු බවද එම ප්‍රදේශයේ ධීවරයෝ සඳහන් කළහ.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හුළු අත්ත අරන් ප්‍රංශ ජාතිකයෝ මිහින්තලා වදිති . . .

Thu Aug 3 , 2023
මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (3දා) රාත්රී   මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්, “හුළු අතු” පත්තු කර ගනිමින් මිහින්තලා කන්ද තරණය කරන අයුරු. අද (3) දා දහවල් ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් ලංකා  විදුලි බල මණ්ඩලය විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x