ණය අර්බුදය විසඳන්න චීනයෙන් සහාය . . .

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීමට චීනය ඵලදායී ලෙස සහාය වන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ පැවති හමුවකදී චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී ප්‍රතිඥාවක් ලබා දී ඇත.

වැන්ග් යී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්ද වේ. චීනය සෑමවිටම ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික හවුල්කරුවා වන බවත් ශ්‍රී ලංකාව චීනය සමඟ සැමවිටම මිත්‍රශීලීව කටයුතු කිරීම අගය කරන බවත් වැන්ග් යී එහිදී පවසා තිබේ. එසේම චීනයට ගැටලු මතුවන සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව චීනය සමඟ සිටි බව වැන්ග් යී  පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කර ගැනීම සඳහා චීනය දැඩි ලෙස සහාය දක්වන බවද වැන්ග් යී එහිදී ප්‍රකාශ කර තිබේ. තවද රාජ්‍ය පාලනය  පිළිබඳ අත් දැකීම් ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කර ගැනීමට මෙන්ම විවධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට චීනය සූදානම් බවද වැන්ග් යී පෙන්වා දී ඇත.

එසේම ශ්‍රී ලංකාවට ස්වාධීනව සංවර්ධනය වීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීමට මෙන්ම සංවර්ධනය නොවීමේ උගුලෙන් සහ දුගීභාවය නැමැති උගුලෙන් ගොඩ එමින් කාර්මීකරණ ක්‍රියාවලිය සහ කෘෂිකාර්මික නවීකරණය වේගවත් කිරීමට චීනය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට වැන්ග් යී ප්‍රතිඥා දී තිබේ.

එසේම ශ්‍රී ලංකාව මුහුණදෙන තාවකාලික අපහසුතා මඟ හරවා ගනිමින් ශ්‍රී ලංකාව සෞභාග්‍ය කරා නැවතත් ගමන් කරනු ඇතැයි විශ්වාස කරන බව වැන්ග් යී පවසා ඇත.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඇසළ පෙරහැරට කප් සිටුවයි . . .

Thu Aug 17 , 2023
කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වීමට පෙර සිදුකරන පුරාතන චාරිත්‍රයක් වන සිව්මහා දේවාලයන්හි කප් සිටුවීම අද (17) යෙදී තිබුණු සුබ මුහුර්තියෙන් සිදුවිය . සිව්මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව දින හතරක් පුරා දේවාල අභ්‍යන්තරයේ පෙරහර පැවැත්වීමෙන් පසු අගෝස්තු මස 21 වැනි දින ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය .  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x