ආජන්ටිනාවෙ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ බස් රථයක් එක්වරම ගිනිගැනීමකට ලක්වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ එරට Buenos Aires හි පිහිටි අධිවේගී මාර්ගයකයයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ බස් රථයේ සිටි මගීන් සියලුදෙනා කඩිනමින් පිටතට පැන දිවි බේරාගැනීමට සමත්ව තිබුණේ මෙලෙසින්. අදාල දර්ශන පහතින් නරඹන්න. Sewvandhi

කොළඹ ඉසිපතන මාවතේ පිහිටි අක්කර භාගයකට මදක් වැඩි ඉඩම් කැබැල්ලක් ඊයේ රාත්‍රියේ කඩා වැදුණු පිරිසක් විසින් අත්පත් කර ගෙන තිබේ. ඉඩමේ සිටි පිරිසට පහර දී ඔවුන් එළවා දමා මේ වන විට අදාළ කණ්ඩායමේ ආරක්ෂකයන් යොදවා ඇත. මෙම ඉඩමේ හිමිකරු වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු මේ වන විට විදේශ ගතව […]

බටහිර අප්‍රිකානු මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකන් රැගත් යාත්‍රාවක් පෙරළි අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යාත්‍රාවේ සිටි පුද්ගලයන් 60 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති අතර, එම අවස්ථාවේ දී පුද්ගලයන් 100ක් පමණ එහි සිට ඇත. යාත්‍රාව මසකට පමණ අධික කාලයක් මුහුදේ යාත්‍රා කරමින් තිබී ඇති අතර, එය ගසා ගෙන ගොස් පෙරළි අනතුරට පත්ව ඇති […]

දරුවන්ට ලිංගික අධ්‍යාපනය පෙර පාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා ලබාදීමේ වැඩපිළිවෙලක් ලබන මාසයේ සිටම ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මෙම තීරණය ගත් බව එම සංසිද්යේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න සඳහන් කළාය. ඒ අනුව පෙර පාසැල් දරුවන්ටත් පාසැල් සිසුන්ටත් අදාළව ලිංගික දැනුම ලබාදීම සඳහා […]

ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් පැවසීය. ආබාධ සහිත පුද්ගලයන්ගේ අධ්‍යාපන දීමනාව රුපියල් 10,000 සිට 20,000 දක්වා ද, ආබාධිතවූවන්ට ස්වයං රැකියා දීමනාව රුපියල් 25,000 සිට 40,000 දක්වා ද, ආබාධිතවූවන්ගේ උපකරණ දීමනාව රුපියල් 15,000 සිට රුපියල් […]

අන්තර්ජාලය හරහා දැවැන්ත මුදලක් වංචා කළ විදෙස් ජාතික කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුක්‍රේන ජාතික කාන්තාවකි. මෙහිදී වංචා කර ඇති මුදල ලෙස වාර්තාවන්නේ රුපියල් එක්කෝටි තිස් හත් ලක්ෂයකි. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 10දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිටි […]

කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වීමට පෙර සිදුකරන පුරාතන චාරිත්‍රයක් වන සිව්මහා දේවාලයන්හි කප් සිටුවීම අද (17) යෙදී තිබුණු සුබ මුහුර්තියෙන් සිදුවිය . සිව්මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව දින හතරක් පුරා දේවාල අභ්‍යන්තරයේ පෙරහර පැවැත්වීමෙන් පසු අගෝස්තු මස 21 වැනි දින ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය .  

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීමට චීනය ඵලදායී ලෙස සහාය වන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ පැවති හමුවකදී චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී ප්‍රතිඥාවක් ලබා දී ඇත. වැන්ග් යී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්ද වේ. චීනය සෑමවිටම ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික හවුල්කරුවා වන බවත් ශ්‍රී […]

දැඩි නියගය නිසා දැදුරු ඔයේ ජල මට්ටම පහල යාම හේතුවෙන්  කුරණෑගල නගරයට ජල සැපයුම සීිමා කිරිමට සිදු වන බව ජල සම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් ඉංජිනේරු කුසල් මනම්පේරි පැවසීය.  කුරුණෑගල නගරයට ජලය දිනකට ඝන මීටර් 13000ක් පමණ ප්‍රමාණයක් නිකුත් කරන අතර  අද (18) සිට ඝන මීටර් 8000ක් දක්වා අඩුකර […]

සේවක අර්ථ සාධක අරමුදලට සම්බන්ධ ලිපි ලේඛන සුරක්‍ෂිතව තබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එහි සමාජිකයන්ගෙන් සහ සේවා යෝජකයන්ගෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි. එම අරමුදලට සම්බන්ධ ලේඛණ ව්‍යාජ ලෙස සකස් කර ඉදිරිපත් කර ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව නිකුත් කරන ලේඛන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.