ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධන දීමනා ඉහළට . . .

ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් පැවසීය.

ආබාධ සහිත පුද්ගලයන්ගේ අධ්‍යාපන දීමනාව රුපියල් 10,000 සිට 20,000 දක්වා ද, ආබාධිතවූවන්ට ස්වයං රැකියා දීමනාව රුපියල් 25,000 සිට 40,000 දක්වා ද, ආබාධිතවූවන්ගේ උපකරණ දීමනාව රුපියල් 15,000 සිට රුපියල් 35,000 දක්වා ද, ඉහළ දමන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ආබාධිතවූවන්ගේ නිවාස ඉදිකිරීම් සඳහා පිරිනැමූ 250,000 ආධාරය රුපියල් ලක්ෂ 5 ක් දක්වා ද, ඔවුන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමේ දීමනාව රුපියල් 150,000 සිට රුපියල් 250,000 ක් දක්වා ද, ආබාධිතවූවන්ට වැසිකිළි ඉදිකර ගැනීමේ ආධාරය රුපියල් ලක්ෂය දක්වා ද, ඉහළ දැමූ බව ද රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් වැඩි දුරටත් කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පෙර පාසලේ සිට දරුවන්ට ලිංගික අධ්‍යාපනය

Thu Aug 17 , 2023
දරුවන්ට ලිංගික අධ්‍යාපනය පෙර පාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා ලබාදීමේ වැඩපිළිවෙලක් ලබන මාසයේ සිටම ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මෙම තීරණය ගත් බව එම සංසිද්යේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න සඳහන් කළාය. ඒ අනුව පෙර පාසැල් දරුවන්ටත් පාසැල් සිසුන්ටත් අදාළව ලිංගික දැනුම ලබාදීම සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x