යළි සේවයට එන විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ට සියලු පහසුකම් . . .

විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණෙන්නේනම් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සපයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජි,විජේසුරිය කියා සිටියේ, රෝහල්වල නිල නිවාස නොමැති නම් කුලී පදනම මත ඔවුන්ට නිල නිවාසද සපයා දීමට පියවර ගන්නා බවයි.

පසුගියදා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුරුගේ කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී මෙරට සේවය සඳහා විදේශ රටවලින් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වීමට සිදුවනු ඇති බවයි. නමුත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ එවැනි හැකියාවක් නොමැති බවයි.

  • Sewvandhi

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඡන්ද ලේඛනයේ නම තිබේදැයි විමසන්න අවස්ථාවක් . . .

Sat Aug 19 , 2023
මෙම වසරේ (2023) ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව තිබේදැයි සියලු පුරවැසියන්ට අවස්ථාව ඇති බවත් ඒ අනුව අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිස හෝ නම ඇතුළත්ව ඇද්දැයි පරීක්‍ෂා කළ හැකි බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව ඇද්දැයි ලබන සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා ග්‍රාම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x