වැඩබලන ඇමතිවරු සිව් දෙනෙක් . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ  සිංගප්පූරු සංචාරයක නිරතවන කාලයේ   ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව් දෙනකු පත් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින හෙට  (21) සහ අනිද්දා  (22)  දිනවලට අදාල වන පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ද, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්  වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස ද පත් කර ඇත.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මැතිසබා ගෘහපාලන සේවිකාවන්ට සාරිය අන්දයි . . .

Sun Aug 20 , 2023
පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සියලුම  සේවිකාවන්ට සාරියෙන් සැරසී රාජකාරියට වාර්තා කරන ලෙස එම අංශ ප්‍රධානීන් විසින් පසුගිය සතියේදී  දැනුම් දෙනු ලැබ ඇත. එම අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන්ගෙන් එල්ලවී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තොරතුරු අනාවරණය කිරීමෙන් පසු ඒ  සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පාර්ලිමේන්තු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x