රුමේනියා සිහින පෙන්වා ලක්ෂ 83ක් වංචා කරයි . . .

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 83ට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගිය 16 වන දින එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

රාජගිරිය, කලපළුවාව, බුත්ගමුව පාරේ පදිංචි සලාහුදීන් මොහොමඩ් නවස්දීන් නැමැති සැකකරු රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා රු 813,000ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර, ඒ අනුව මෙම පුද්ගලයා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පැමිණිල්ලට අමතරව සැකකරුට විරුද්ධව පැමිණිලි 9ක් කාර්යාංශය වෙත ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අදාළව ඔහු වංචාකර ඇති මුදල රු 8,390,000කි.

අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහැර තිබේ. වැඩිදුර නඩු විභාගය 2024 මාර්තු මස 11 දින කැඳවීමට නියමිතය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මඟින් තොරතුරු ලබාගන්නා ලෙසත්, විදේශ රැකියා වංචාවන් පිළිබඳව 1989 ක්ෂණික ඇමතුම් අංකය මඟින් පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා දැනුම් දෙන ලෙසත් කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටී.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මැදිවයසේ පුද්ගලයින්ට හෘදයාබාධ වැලඳීමේ දැඩි අවදානමක් . . .

Mon Aug 21 , 2023
වයස අවුරුදු 30ත් 45ත් අතර වයසේ පසුවන පුද්ගලයින් හට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇතැයි කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසති. මෙම වයස් කාණ්ඩවල පුද්ගලයින්ට 2021 වසරේ සිට ක්‍රමානුකූලව හෘදයාබාධ වැළඳීම ඉහළ යමින් පවතින බව ඔවුන් පෙන්වාදෙති. ඇතමුන් රෝහල් ගත කිරීමටත් පෙර මියයෑමේ සිදුවීම් වාර්තා වන බවද වෛද්‍යවරු පවසති. ඇතැම් රෝහල්වලට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x