රැඳවියාගේ පහරින් ජේලර් රෝහලේ . . .

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ විශේෂ වාට්ටුවේ සිටි රැඳවියකු සිදුකළ පහර දීමෙන් විනය අංශයේ ජේලර්වරයකු තුවාල ලබා ඇති බව පල්ලෙකැලේ පොලිසිය පවසයි.

විශේෂ වාට්ටුවේ ජංගම දුරකතනයක් භාවිතා කරන බවට ලද තොරතුරකට අනුව විනය අංශයේ ඉහත ජෙලර්වරයා ඇතුලු කණ්ඩායමක්අදාල වාට්ටුව සෝදිසියට ලක් කර එහි තිබු ජංගම දුරකතනය අත්අඩංගුවටගත් අවස්ථාවේ එම වාට්ටුවේ රඳවා සිටි පිරිස එයට විරෝධය දක්වා මෙම පහර දීම සිදුකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසීය.

සිරකරුවන් වතුර පුරෝගෙන සිටින ඇලුමිනියම් භාජනයකින් මෙම පහර දීම සිදුකර ඇති බවද ඒකනායක පවසයි. සිද්ධියෙන් තුවාල ලැබු ජෙලර්වරයා බන්ධනාගාර රෝහලින් ප්‍රතිකාර ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් ඇත.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසියට අමතර බන්ධනාගරයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, සැකකාර රැඳවීයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බවද චන්දන ඒකනායක වැඩිදුරටත් පැවසීය.

  • ඉන්දිකා රාමනායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අතුරුදන් වූ මෙහෙණින්වහන්සේලා තිදෙනා නුවරඑලියෙන් හමුවෙයි . . .

Sun Aug 27 , 2023
මිනුවන්ගොඩ බොරළුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමය සිට අඅතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා තිදෙනා  නුවරඑළිය පොලිසිය මගින් මඟින් සොයාගෙන ඇත. වයස අවුරුදු  12, 15 18  යන වයස්මෙවල   පසුවු  මෙම   මෙහෙණින් වහන්සේලා තිදෙනා ඉකුත් (24) දින සිට මෙහෙණි ආරාමය සිටි වයස අවුරුදු (32) ක කාන්තාවක් සමග අතුරුදන්ව ඇති බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x