ඇෆ්ගන් කාන්තාවන්ට වනෝද්‍යානයක් තහනම් වෙයි . . .

ඇෆ්ගනිස්තානයේ බාමියන් ප්‍රාන්තයේ පිහිටි ප්‍රධාන පෙළේ ජාතික වනෝද්‍යානයකට ඇතුළුවීම කාන්තාවන්ට තහනම් කර තිබේ.

බන්ද් ඊ අමීර් ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම මෙලෙස කාන්තාවන්ට තහනම් කර ඇත්තේ ඊට ඇතුළුවීමෙන් පසු කාන්තාවන් නිසි ලෙස හිජාබය නොපළඳින බවට චෝදනා කරමින් ය.

ඒ අනුව නිසි විසඳුමක් සොයාගන්නා තෙක් කාන්තාවන්ට වනෝද්‍යානය තහනම් කරන බව වාර්තා වේ.

2009 වසරේදී ඇෆ්ගනිස්තානයේ පළමු වනෝද්‍යානය ලෙස නම් කෙරුණු බන්ද් ඊ අමීර් වනෝද්‍යානය ඇෆ්ගන් පවුල් අතර ජනප්‍රිය ගමනාන්තයක් ලෙස සැලකේ.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ටොයෝටා සමාගම වාහන නිෂ්පාදනය හදිසියේ නතර කෙරේ . . .

Tue Aug 29 , 2023
ලොව ජනප්‍රිය මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටොයෝටා සමාගමේ නිෂ්පාදන පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ජපානයේ පිහිටි වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටොයෝටා සමාගමේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පවසා ඇත්තේ මෙම ගැටලුවට හේතුව සෙවීමට සමාගම උත්සාහ කරන නමුත් එය සයිබර් ප්‍රහාරයක් නිසා යැයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x