මත් ජාවාරම්කාරියගේ කෝටි හතරහමාරක ගිණුම් තහනම් කරයි . . .

 

ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන  පුද්ගලයකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මෙරට 33 හැවිරිදි කාන්තාවක  නමින් තිබූ රුපියල් කෝටි හතර හමාරක   බැංකු ගිණුම්  තහනමට ලක් කළ බව නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

එලෙසම එම කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සන්තකයේ තිබූ රුපියල් 18 ලක්ෂ 75000 මුදලක් ද තහනමට ලක් කළ බව පොලිසිය සඳහන් කරයි.

2021 ජුලි 30 වෙනි දින හොරයින් මත්කුඩු මිලිගෑම් 5000 ක් හා රුපියල් 18 ලක්ෂ 75,000 ක මුදලක් සමග අඟුලාන පොලීසියේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම කාන්තාව නීති විරෝධී ආකාරයෙන් උපයාගෙන ඇති දේපළ හා වත්කම් සම්බන්ධයෙන් 2006 අංක 5 දරණ මුදල් විශුද්ධි කිරීම වැළැක්වීමේ පනත ප්‍රකාරව වැඩිදුර විමර්ශනයක් සිදුකිරීම සඳහා අඟුලාන පොලිස් ස්ථානාධිපතිවරයා  නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර වැඩිදුර විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බීමත් හිමිනමක් දායකයන් එක්වී ගස් බදිති . . .

Thu Jun 29 , 2023
අධික ලෙස බීමත්ව කලහාකාරී හැසිරෙමින් පුද්ගලයකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිමිනමක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශරීරය රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ. අදාල හිමිනම බීමත්ව කලහාකාරී ලෙස හැසිරෙමින් පහර දුන්නේ යැයි පවසමින් පුද්ගලයකු අනුරාධපුර මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත එම හිමිනම අත්අඩංගුවට ගෙන ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x