ජපානයත් සඳ අල්ලන්න යානයක් හදයි . . .

ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයත් සඳට රොබෝ යානයක් යැවීමට සූදානම් වෙයි.

ජපන් විද්‍යාඥයන් මෙම යානය නම් කර ඇත්තේ ‘මූන් ස්නයිපර්’ යන නමිනි. යානය සඳට ගොඩබෑමට නියමිත බව ද පැවැසෙයි.

ජපාන විද්‍යාඥයන් ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන ඔස්සේ, සඳට යානයක් යැවීමට උත්සහ ගන්නේ වසර ගණනක සිටය.

2022 වසරේ ද ජපන් විද්‍යාඥයන් සඳට යානාවක් ගොඩබෑමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය.

පසුගිය මාසයේ ජපන් විද්‍යාඥයන් නව රොකට්ටුවක් අත්හදා බැලුවේය. එය අසාර්ථක වූයේ රොකට්ටුව පුපුරා යෑමෙනි.

විද්‍යාඥයන් සඳට යැවීමට සූදානම් වන්නේ මීටර් 2.4 ක් උස, මීටර් 2.7 ක් පළල, මීටර් 1.7 ක් දිග කිලෝ ග්‍රෑම් 700 ක් බර රොබෝ යානයකි.

ජපානයේ සුප්‍රකට සෙල්ලම් බඩු සමාගමක් සමඟ එක් වී ජපන් විද්‍යාඥයන් නිර්මාණය කළ කුඩා රෝවර් යානයක් ද ‘මූන් ස්නයිපර්’ චන්ද්‍රයානය තුළ ඇත.

සඳුගේ පස පරීක්ෂා කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වෙයි.

‘මූන් ස්නයිපර්’ යානය උඩු ගුවනට තල්ලු කරන රොකට්ටුව ආධාරයෙන් චන්ද්‍රිකාවක් ද අභ්‍යවකාශයට යැවීමට කටයුතු කරන බව ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.

අභ්‍යවකාශයට යැවෙන ‘මූන් ස්නයිපර්’ යානය යානය, පෘථිවි ගුරුත්ව බලය යොදා ගනිමින්, සඳ බලා යනු ඇත. ඒ සඳහා මාස කීපයක් ගත වනු ඇතැයි ජපාන විද්‍යාඥයෝ පැහැදිලි කරති.

  • ලුසිත ජයමාන්න


Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඇෆ්ගන් කාන්තාවන්ට වනෝද්‍යානයක් තහනම් වෙයි . . .

Mon Aug 28 , 2023
ඇෆ්ගනිස්තානයේ බාමියන් ප්‍රාන්තයේ පිහිටි ප්‍රධාන පෙළේ ජාතික වනෝද්‍යානයකට ඇතුළුවීම කාන්තාවන්ට තහනම් කර තිබේ. බන්ද් ඊ අමීර් ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම මෙලෙස කාන්තාවන්ට තහනම් කර ඇත්තේ ඊට ඇතුළුවීමෙන් පසු කාන්තාවන් නිසි ලෙස හිජාබය නොපළඳින බවට චෝදනා කරමින් ය. ඒ අනුව නිසි විසඳුමක් සොයාගන්නා තෙක් කාන්තාවන්ට වනෝද්‍යානය තහනම් කරන බව වාර්තා වේ. 2009 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x