බීමතින්‍ අධිවේගයේ යතුරු පැදියක් ධාවනය පොලිස් කොස්තාපල් . . .

අධිවේගී මාර්ගයට යතුරුපැදියක් ධාවනය කර රිය අනතුරක් සිදුකළ බවට පොලිස් කොස්තාපල්වරයෙකු දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිට ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය. කොතලාවල පිවිසුමෙන් අධිවේගී මාර්ගයට සිය යතුරුපැදිය ඇතුළු කර ඇති ඔහු පොලිස් අණ නොතකා කොට්ටාව දෙසට ගමන් කර යළි යතුරුපැදිය හරවා කඩවත දෙසට ගමන් කිරීමේ දී මෝටර් රථයක ගැටී අනතුරට ලක්ව ඇති බව සඳහන්ය. සැකකාර පොලිස් කොස්තාපල්වරයා අධිවේගී මාර්ගයේ කිලෝමීටර් දෙකක පමණ දුරක් සිය යතුරුපැදිය ධාවනය කර ඇති බව පොලීසිය පැවසුවේය. අනතුරින් මෝටර් රථයට හා යතුරුපැදියට හානි සිදුව තිබේ. බෙම්මුල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රට යලිත් වැසේද . . . ?

Mon Jun 27 , 2022
ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ දිනකටවත් ප්‍රමාණවත් නොවන ඉන්ධන සංචිතික් බව ඩේලි මිරර් පුවත්පත තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන් උපුටමින් කියා සිටියි. දැනට ඇත්තේ පෙට‍්‍රල් ටොන් 1100ක් සහ ඩීසල් 7500ක් පමණක් බවත් එම වාර්තාව සඳහන් කරයි. ශ්‍රී ලංකාව ණය ගෙවීම අතහැරීම නිසා ජාත්‍යන්තර සමාගම් ශ්‍රී ලංකාව අසාදු ලේඛන ගත කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x