කෝටි ගාණක බඩු රේගුවේ දිය වෙයි . . .

රේගුව විසින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි ගණනක් වටිනා රූපලාවණ්‍ය ආලේපන සහ විලවුන් වර්ග සහිත බහාලුම් හයක් රේගු ගබඩා තුළ විනාශ වෙමින් පවතින බව අනාවරණය වේ.

වෙනත් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රේගුවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මෙම රූපලාවණ්‍ය ආලේපන සහ විලවුන් වර්ග මෙරටට ගෙන්වා තිබිණි.

මෙම ආලේපන අතරින් විශාල තොගයක් එංගලන්තය ආදී රටවල නිෂ්පාදනය කරන ලද ඒවා බව රේගුව පවසයි.

මෙම ආලේපන ටෙන්ඩර් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අවසරය ලබා නොදීම නිසා ඒවා විනාශ වෙමින් පවතින බව රේගු ආරංචි මාර්ග කියයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අනුර කුමාරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් . . .

Mon Sep 11 , 2023
ඉස්සර උතුරේ සබඳතා ගොඩනැගුනේ තමිල්නාඩුවත් එක්ක නමුත් දැන් උතුරු ඉන්දියාවත් එක්ක යම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් බලය රැකගැනීම සඳහා යළි කුමන වර්ගයේ හෝ  ගැටුමක් නිර්මාණය කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසනායක බදුල්ලේදී පැවසීය. ජාතික ජන බලවේගයේ අධිටන නමැති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ බදුල්ල දිස්ත්‍රික් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x