විදෙස්ගත විශ්‍රාමිකයන් 1061කගේ පෙන්ෂන් නවතී . . .

මෙම වර්ෂයට (2023) අදාළ වලංගු ජීවිත සහතික ලබා නොදීම හේතුවෙන් විදේශගත විශ්‍රාමිකයන් එක්දහස් හැට එක්දෙනකුගේ (1061) විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා ඇත.

විදේශයන්හි ජීවත්වන විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප අඛණ්ඩව ලබා ගැනීම සඳහා වර්ෂයකට වරක් ජීවත්වීමේ සහතිකයක් ලබා දීම අනිවාර්ය වන අතර එසේ නොවන විට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දැමීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගනු ලබයි.

ඒ අනුව මෙම වර්ෂයට (2023) අදාළ වලංගු ජීවිත සහතික ලබා නොදීම මත මෙලෙස ඔවුන්ගේ විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා ඇති බවත් එය නැවත සක්‍රීය කර ගැනීම සඳහා අදාළ සහතික විශ්‍රාමිකයා පෞද්ගලිකවම තානාපති කාර්යාලය වෙත ලබා දිය යුතු බවත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් පැවසීය. ජීවත්වීමේ සහතිකය තානාපති කාර්යාලය මගින් නොමිලේ සහතික කර ගත හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පළමු ගල්අඟුරු නෞකාව එයි . . .

Thu Sep 14 , 2023
නොරොච්චෝල ගල්අගුරු බලාගාරයේ විදුලි නිෂ්පාදනය සඳහා 2023-24 වාරයට අවශ්‍ය ගල්අගුරු ආනයනය ආරම්භ කරමින් පළමු ගල් අඟුරු තොගය ගොඩබෑම අද (14) ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය. ලබන වසරේ (2024) මැයි මාසය වන විට ගල් අඟුරු නෞකා 40 ක් ආනයනය කිරීමට නියමිත අතර මෙම සැප්තැම්බර් මාසයේ පමණක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x