තානාපති වාහනවලින් කෝටි 15 ක ගැහිල්ලක් . . .

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් මෙරට විදේශීය රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ අවලංගු කරන ලද  වාහන අංකවලින්  වෙනත් සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කරමින්  කාලයක් තිස්සේ කරගෙන ගොස්  ඇති ජාවාරමක සුලමුල අනාවරණය කර ගැනීමට ජාතික විගණන කාර්යාලය සමත්වී ඇත.

මෙම වංචාව හේතුවෙන් රජයට රුපියල් කෝටි 15 කට ආසන්න බදු ආදායමක්  අහිමිව ඇතැයි  එම කාර්යාලය පවසයි.

මෙරට විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් රාජ්‍ය අනුග්‍රහය යටතේ තීරුබදු රහිතව නිෂ්කාශනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද ඇතැම් වාහනවලට  වෙනත් සුඛෝපභෝගී වාහනවල චැසි අංක සහ එන්ජින් අංක ඇතුළත්  කර වෙනත් පුද්ගලයන්ගේ නමට ලියා පදිංචි සහතික නිකුත් කිරීම මෙම ජාවාරම බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ ආකාරයට පසුගිය වර්ෂවලදී  ලියාපදිංචි කෙරුණු රාජ්‍ය තාන්ත්‍රිකයන් ගේ වාහන හයක් නැවත ප්‍රති  අපනයනය කරන අවස්ථාවන්හිදී ලියාපදිංචිය  අවලංගු කර මෙලෙස සාවද්‍ය ලෙස වෙනත් සුඛෝපභෝගී වාහනවල චැසි අංක සහ එන්ජින් අංක ඇතුළත්  කර වෙනත් පුද්ගලයන්ගේ නම් වලට  ලියාපදිංචි සහතික නිකුත් කර තිබූ බව විගණන විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

  • සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කැනඩාවේ සුළි කුණාටුව . . .

Sun Sep 17 , 2023
කැනඩාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති ලී සුළි කුණාටුව හේතුවෙන් එක් ලක්ෂ හතළිස් දහසකට ආසන්න පිරිසක් විදුලිය විසන්ධි වීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, පැයට කිලෝමීටර 100කට අධික වේගයෙන් හමාගිය තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් සහ ජල ගැලීම් වාර්තා වී ඇති බවයි. එරට කාලගුණ අංශ විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x