වරාය නගරය ලෝකයට හඳුන්වා දෙයි . . .

කොළඹ වරාය නගරය ඩුබායි රාජ්‍යයේ  දී සහ අබුඩාබි හිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව( Launch) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පාර්ලිමේන්තුවේ දී පැවසීය.

හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ද එම උත්සවයට සහභාගී වෙන බව කී අමුණුගම  වරාය නගරයේ ආයෝජනය කරන්නට දැනටමත් ආයෝජකයන් 17 දෙනකු ඉදිරිපත් වී ඇති බව සඳහන් කළේය.

එහිදී කොළඹ වරාය නගරයේ නම colombo financial city (කොළඹ මූල්‍ය නගරය)යනුවෙන්  වෙනස් කිරීමට ඉඩ තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ වරාය නගරය ආශ්‍රිත රෙගුලාසි සම්මත කිරීමේ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් දිලුම් අමුණුගම  මේ බව කීය.

නව රෙගුලාසි සම්මත කළ පසුව වරාය නගර ව්‍යාපෘතියේ විශාල වෙනසක් වනු ඇති බවත් ආයෝජකයන්ට  වැඩ කටයුතු ආරම්භ කරන්නට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය  අමාත්‍යවරයා සඳහන් කළේය.

  • අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

2024 ලංවිමට බෝනස් නෑ . . .

Tue Sep 19 , 2023
එළැඹෙන 2024 වසරේ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා සහ ලබානොගත් නිවාඩු සඳහා ලබාදෙන දීමනා ගෙවීම සිදුනොකරන බව විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර එම මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන්ට පවසා ඇත. ඒ විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 35ක නියෝජිතයන් පසුගිය බ්‍රහස්පතින්දා (14වැනිදා) දිනයේදී හමුවූ අවස්ථාවේදීය. මෙහිදී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x