ඉංජිනේරු සංස්ථාවේ 1,417ක් වන්දි ගෙවා ඉවත් කරයි . . .

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රා්පකරණ ආයතනයේ සේවකයන් 1,417ක ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 376 (මිලියන 3,764)ක මුදලක් ලැබුණු බව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥා රත්නසිරි කළුපහන පැවසීය.

වන්දි ලබා විශ්‍රාම යන සේවකයන් 1,417 ට වයස 55 ට වැඩි සේවකයන් 252 ක් සහ වයස 55 ට අඩු සේවකයන් 1,165 ක් ඇතුළත් බවත් භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදලින් එම ආයතන දෙකේ විශ්‍රාම ලැබූ, මියගිය සහ ඉල්ලා අස්වූ සේවකයන් 910 කට ව්‍යවස්ථාපිත ගෙවීම් කළ යුතු බවත් සභාපතිවරයා කීය.

කොවිඩ් වසංගතය සහ රට ආර්ථික වශයෙන් කඩා වැටීම් ආදි හේතූන් නිසා එම සංස්ථාවේ සේවකයන් 1,800 කට පමණ රුපියල් කෝටි 14 ක් (මිලියන 140) පමණ වූ වැටුප් ගෙවීමටට නොහැකිව ගැටලු නිර්මාණය වූ බව කී නීතිඥා රත්නසිරි කළුපහන මෙම වන්දි යෝජනා ක්‍රමයෙන් සේවකයන් ඉවත්වීමෙන් පසුව සංස්ථාවේ වැටුප් පිරිවැය කෝටි 4 කට (මිලියන 40) අඩු වන බව ද සඳහන් කළේය.

වන්දි යෝජනා ක්‍රමය ක්‍රියාත්ම කිරීමට රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව සතු පෑලියගොඩ ප්‍රදේශයේ අක්කර 17 ක ඉඩමක් විකිණීමට සැළසුම් කළ ද ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ඉඩම විකිණිම අත්හිටුවූ බව ද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ගන්න අවස්ථාව . . .

Sat Oct 7 , 2023
අද (07) සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ජනතාවට පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් අවධාරණය කර ඇත. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවයි. ලබන වසරේ මාර්තු 31 වැනිදා සිට සෑම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x