මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීම තාවකාලිකව නවතී . . .

සංචාරක හෝටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීම තාවකාලිව නවතා දැමීමට පියවර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එහි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ සඳහන් කළේ, සංචාරක අමාත්‍යංශය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙවැනි ස්ථාන සඳහා පහසුවෙන් සුරාබදු බලපත්‍ර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් පිළියෙල කර තිබුණු බව ය.

ඒ අනුව, මේ දක්වා දිවයින පුරා 400කට අධික ස්ථාන සංඛ්‍යාවකට එම අවසර පත්‍ර ලබා දීමට කටයුතු කර ඇතැයි ඔහු පැවසීය.

කෙසේ වෙතත්, අධිකරණය මගින් ලබා දුන් වාරණ නියෝගයකට අනුව, මෙම සතියේ සිට එම බලපත්‍ර ලබා දීම තාවකාලිව නවතා ඇති බව ඔහු සඳහන් කළේ ය.

එම අධිකරණ කටයුත්ත අවසන් වන තුරු මෘදු මත්පැන් අවසරය ලබා දීම සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නවත්වනු ලබන බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේදී එම බලපත්‍ර ලබා දීමට සුදුසු පියවරක් ගැනීමට බලාපොරොත්තු වන බවය.

  • Mawbima
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බයිඩන් ඊශ්‍රායලයට එයි . . .

Wed Oct 18 , 2023
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පැමිණියේය. බයිඩන් පිලිගැනීමට ටෙල් අවීව් නුවර බෙන් ගුරියොන් ගුවන්තොටුපොළට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැමිණ සිටියේය. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, ඇමෙරිකන් ජනාධිපතිවරයා පිළිගත්තේ ඔහු උණුසුම් ලෙස වැලඳ ගනිමිනි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, ඊශ්‍රායලය බලා පැමිණියේ හමාස් සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලී සිටින ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවන බව පෙන්වමිනි. ඒ.එෆ්.පී.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x