රිලවියන්ට උපත් පාලන උපකරණයක් . . .

රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැනු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත.

මේ වන විට රිලා ගැහැනු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කරයි.

රිලා ගහනය අවම කර ගැනීම සඳහා ගැහැනු සතුන්ට වඳ සැත්කම් කිරීමට විශාල මුදලක් වැය වන බව ත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බව ත් පෙන්වා දෙන මහාචාර්යවරයා රිලා ගැහැනු සතුන් අල්ලා උන්ට ලූපයක් පැළඳවීම පහසු හා වියදම් අඩු කටයුත්තක් යැයි ද පවසා සිටියි.

රිලවුන් සඳහා භාවිත කළ යුතු ලූපය අලුතින් ම නිර්මාණය කළ යුත්තක් බැවින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට හා නිෂ්පාදනය සඳහා දානපතියෙකුගේ හෝ පරිත්‍යාගශීලියෙකුගේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසුවේ ය.

රිලවුන්ගෙන් වගාවට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ගොවීහු වායු රයිෆල්වලින් වෙඩි තැබීම හේතුවෙන් මොළයට, ඇසට දරුණු තුවාල සිදුවූ රිලවුන්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් සිටින බැවින් රිලා ගහනය පාලනය කර ගැනීමෙන් එම සතුන්ගේ ජීවිතවලට ද සිදුවන හානිය අවම කර ගත හැකි බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සුපිරි බලවතෙකුගේ බලපත් නොමැති බස් 12ක් යාපනයට ධාවනයේ . . .

Mon Oct 30 , 2023
මගී ප්‍රවාහන ධාවන බලපත්‍ර පවා ලබා නොගෙන වැල්ලවත්තේ සිට යාපනය දක්වා බස් 12ක් ධාවනය කරන සුපිරි බලවතෙකු පිළිබඳව තොරතුරු හෙළිවෙමින් තිබේ. මෙම බස් ධාවනයේදී සාමාන්‍ය මාර්ග ධාවන නීතිරීති හෝ වෙනත් නීති ද නොතකා කටයුතු කරන බව අනාවරණය වී ඇත. කොළඹ සිට යාපනය කරා පසුගිය සතියේ ධාවනයට යොදවා තිබූ එම බස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x