ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා සම්පත්තීන් ජීවිතය පුරා පුරුදු පුහුණු කරමින්, ප්‍රතාපවත් මහා පෞරුෂයකින් ද, අප්‍රතිහත ආත්ම ශක්තියකින් ද, දූරදර්ශී ඥානයකින් ද පිරිපුන් දේශවාත්සල්‍යයෙන් හා ශූර ව්‍යාපාර බුද්ධියකින් හෙබි, ඒ සැමටත් වඩා සම්බුදු සසුනෙහි අතිප්‍රසන්න වූ බෞද්ධ මහෝපාසක චරිතයක් මෑත කාලයේ අප ලක් ධරණී තලයේ පහළ වී නම් ඒ අන් කවරකුවත් […]

ප‍්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියම වී බන්ධනාගාර ගතකර සිටින පාතාල කල්ලි නායකයෙකුගේ දියණිය වැඩිවිය පැමිණීමේ උත්සවයක් කොළඹ සුපිරි හෝටලයක විශාල වියදමක් දරා පවත්වා ඇති බව වාර්තා වෙයි. ඉකුත් 23 දා රාත්‍රියේ පවත්වා ඇති මෙම උත්සවය සඳහා ආරාධිතයන් දෙසීයකට ආසන්න පිරිසක් කැඳවා තිබිණි. එදිනම රාත්‍රියේ කොම්පඤ්ඤ වීදියේ පිහිටි […]

නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් අද (30) අත්අඩංගුවට ‌ගෙන තිබේ. අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. විදේශ රටවල රැකියාවට යවන බව පවසමින් රුපියල් ලක්ෂ තිස් තුනකට අධික මුදලක් වංචා කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් බව […]

එළැඹෙන අයවැය මඟින් රුපියල් 20000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් කළමනාකරණ සේවය, සංවර්ධන නිලධාරී සේවය , ග්‍රාම නිලධාරී සේවය , පළාත් රාජ්‍ය සේවාව , කෘෂිකර්ම නිලධාරීන්, කාර්යාල සේවක සේවය ඇතුළු රාජ්‍ය සේවයේ සේවක සේවිකාවන් අද දින කෑම පැයේදි සියලුම රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා සංවිධානය කර ඇත. එහි ප්‍රධාන විරෝධතාවය බත්තරමුල්ල, සෙත්සිරිපාය […]

කලවැදි උල්පත ගම්මානයේ නිවසක ධර්ම දේශනාවක් සඳහා වැඩම කළ පදවිය ප්‍රදේශයේ වන වාසී භික්ෂුවකට 100ක පමණ පිරිසක් එක්වී පහරදී ඇත. සිදුවීම පාලනය කිරීමට පොලීසිය එම අවස්ථාවේ මැදිහත්ව ඇති අතර අහසට වෙඩි තැබීමක් ද සිදුකර ඇත. අදාල දානමය කටයුත්ත පැවැති නිවසේ පුද්ගලයා ගමේ විහාරස්ථානයේ හිමියන්ට දානයට බණට ආරාධනා කළද රුපියල් 40,000 […]

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ නිල වාහනය බරපතළ අනතුරට ලක්ව තිබේ. දින දෙකකට පමණ පෙර යාපනයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගිය අවස්ථාවක මෙම අනතුරට ලක්ව ඇත. අදාල සංගීත ප්‍රසංගය පැවැත්වී ඇත්තේ ඉන්දීය කලාකරුවන් පිරිසකගේද සහභාගීත්වයෙනි. ඇමතිවරයා රැඳී සිටි හෝටලයේ සිට කිසියම් කාරණාවක් සඳහා පිටතට වාහනය යවා ඇති අතර එම අවස්ථාවේ වාහනය ලොරියක […]

මගී ප්‍රවාහන ධාවන බලපත්‍ර පවා ලබා නොගෙන වැල්ලවත්තේ සිට යාපනය දක්වා බස් 12ක් ධාවනය කරන සුපිරි බලවතෙකු පිළිබඳව තොරතුරු හෙළිවෙමින් තිබේ. මෙම බස් ධාවනයේදී සාමාන්‍ය මාර්ග ධාවන නීතිරීති හෝ වෙනත් නීති ද නොතකා කටයුතු කරන බව අනාවරණය වී ඇත. කොළඹ සිට යාපනය කරා පසුගිය සතියේ ධාවනයට යොදවා තිබූ එම බස් […]

රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැනු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත. මේ වන විට රිලා ගැහැනු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කරයි. රිලා ගහනය අවම […]

ඊශ්‍රායලයේ නීති විරෝධීව රැදී සිටි ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීමට තමන් එකඟ නොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කර තිබෙනවා. මීට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබුනේ, වීසා නොමැතිව ඊශ්‍රායලයේ යුද ගැටුම්වලට මැදිව සිටින්නන්ට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත තොරතුරු ලබා දෙන ලෙසයි. ඒ, අනුව […]

රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් යටතේ නිවැරදිව අනාවැකි පළ කිරීමට ප්‍රමාණවත් දැනුමක් හෝ පුහුණුවක් නොමැති අ.පො.ස. (සා.පෙළ) පමණක් සමත් කාලගුණ විද්‍යාඥයන් පස්දෙනකු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ සේවය කරන බව වාර්තා වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව (කෝපා කමිටුව ) විසින් පසුගියදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ වාර්තාවක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.