ජනක රත්නායකගෙන් කප්පම් ගත් සිද්ධියේ සුලමුල . . .

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් ලක්‍ෂ 15ක මුදලක් කප්පම් ලබාගත් සිද්ධියට අදාළ තුන් දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, ජනක රත්නායක කිරුළපන පොලිසියට කරන ලද පැමිණිල්ලක් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් විමර්ශන කිරීමෙන් අනතුරුව ය.

රත්නායක ගෙන් කප්පම් ලබා ගැනීමට පැමිණි මෝටර් රථය පැදවූ රියැදුරාත් කප්පම්කරුවන්ට රැඳී සිටීමට නේවාසික පහසුකම් දුන් පුද්ගලයන් දෙදෙනාත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් රඹුක්කනදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් තිදෙනා අවුරුදු 24, 26 සහ 31 වයස්වල පසුවන අතර රඹුක්කන සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

2023.10.16 දින පාතාල නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ යැයි කියාගත් පුද්ගලයෙකු සිය ජංගම දුරකතනයට ඇමතුමක් දෙමින් ජනක රත්නායක ට පවසා ඇත්තේ, ඔහු ඝාතනය කිරීමට රුපියල් මිලියන 8ක කොන්ත්‍රාත්තුවක් ලැබුණු බව ය.

එමෙන් ම, එම කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයාගෙන් රුපියල් මිලියන 1.5ක මුදලක් ද සංඛ නැමැත්තා ඉල්ලා ඇත.

දුරකතනයෙන් ලද තොරතුරට අනුව රුපියල් මිලියන 1.5ක මුදලක් කිරුළපන පෞද්ගලික බැංකු ශාඛාවක් අසලට ඔහු සේවකයෙකු අත යැවූ අතර නිල් පැහැති ඇල්ටෝ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එම මුදල් ලබා ගත් බව පොලිසියට දැනුම් දී තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

  •  Keerthi Mendis
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රමිති ආයතනයටත් හොරු පනිති . . .

Tue Oct 31 , 2023
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න දේපල   සොරාගෙන ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. සොරාගෙන ගිය දේපල අතර ආහාර පරික්ෂා කිරීම් සඳහා යොදාගන්නා වර්ග දෙකකින් යුත් රසායනික ද්‍රව්‍ය බෝතල් 7 ක් හා පරික්ෂා කිරීම සඳහා තබා තිබූ සූදුරු පැකට් තුනක් වන බව එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයෙකු පැමිණිලි කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x