ඊශ්‍රායල හමුදාව ගාසා නගරය සම්පූර්ණයෙන් වටලයි . . .

ගාසා නගරය සම්පූර්ණයෙන් ම වටලා ඇති බව ත් හමාස් සංවිධානයේ මුරපොළවල්, මූලස්ථානවලට සහ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බව ත් ඊශ්‍රායල හමුදාව සඳහන් කරයි.

ඊශ්‍රායල රජය පවසන්නේ, එරට සේවය කරන ගාසා ජනතාව වටලනු ලබන ප්‍රදේශවලට ආපසු යවන බව ත් මේ වන විට ඊශ්‍රායල සොල්දාදුවන් 23 දෙනෙකු මිය ගොස් ඇති බව ත් ය.

ඊශ්‍රායලය මේ වන විට ගාසා තීරයට ගුවන් හා කාලතුවක්කු ප්‍රහාර දහස් ගණනක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ප්‍රහාර එල්ල කිරීමේදී හමාස් සංවිධානයේ උමං මාර්ග සහ රොකට් ලෝන්චර් ඇතුළු යටිතල පහසුකම්වලට ඉලක්ක කරන බවත් සිවිල් ජනතාව මරණයට පත්වීම අවම කරන බව ත් ය.

මේ වන විට පුද්ගලයන් 9,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ඔක්තෝබර් 7 වන දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,400ක් මිය ගොස් ඇති බව ත් හමාස් සංවිධානය පුද්ගලයන් 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන ඇති බව ත් ය.

මේ අතර, අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු දෙවන වරට ත් ඊශ්‍රායලයේ සංචාරයකට පැමිණ තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බැංකුවේ ලක්ෂ 50 අහුලා බැංකුවටම දීලා . . .

Fri Nov 3 , 2023
මාතර ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ රථ ගාල ආසන්නයේ බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අහුලා නැවත එම බැංකුව වෙත භාර දීමට මාතර නගරයේ කූරියර් සේවා සපයන ආයතනයක සහකාර කලමණාකරුවකු වන චන්දන උදයංග (38) ඊයේ (02) සවස කටයුතු කළේය. එම බැංකුවේ සේවකයින් විසින් ඒ.ටී.එම්.යන්ත්‍ර වෙත හෝ මහ බැංකුවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x