අමාත්‍යවරුන් ගෙවන්නේ අපහසු ජීවිතයක් . . .

ඇමතිවරුන්ට පහසුකම් නොමැති බවත් නිල රථයක් නඩත්තු කිරීමටවත් මුදල්, අමාත්‍යාංශ තුළ නොමැති බවත් අමාත්‍යවරුන් ගෙවන්නේ ඉතා අපහසු ජීවිතයක් බවත් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ඊයේ (02) පොළොන්නරුව ප්‍රදේශයේ පැවති රජයේ වැඩසටහනකදී අදහස් දක්වමින් පවසා තිබේ.

පසුගිය ආණ්ඩු සමයන් තුළ ඇමතිවරුන්ට වරප්‍රසාද තිබූ බවට තමා අසා ඇති නමුත් වර්තමාන ඇමතිවරු ගෙවන්නේ ඉතා අපහසු ජීවිතයක් යැයිද ඔහු එහිදී පවසා ඇත.

නමුත් එම අසීරුතා මෙරට ජනතාව සහ අනාගත පරපුර වෙනුවෙන් විඳ දරා ගැනීමට කටයුතු කරන බවද රට ගොඩනැගීමට වර්තමාන ඇමතිවරු දිවි හිමියෙන් කැපවෙන බවද රාජ්‍ය ඇමති සනත් නිශාන්ත වැඩිදුරටත් එහිදී පවසා ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ . . .

Sat Nov 4 , 2023
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 05ක් අඩි 04 බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පි.සී.සුගීෂ්වර පැවසීය. උඩවලව ජලාශයේ ද වාන් දොරටු පහක් අඩිය බැගින් විවෘත කර තිබේ. ඒ හේතුවෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x