දරුවන් මත් රකුසාගෙන් බේරා ගන්න බුද්ධි අංශයක් . . .

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකායේ මූලිකත්වයෙන් සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට සැලසුම් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

තෙන්නකෝන් මේ බව පැවසුවේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බළකායේ හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතාවලියේ විසිරයෑමේ ළෙපාලියේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ කුසලතාවලින් පිරි දරුවන්ගේ සහ ශිෂ්‍යභට බළකායේ ක්‍රියාකාරකම් නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රචලිත කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායම් හර්මන් ලුස් සහ ද සොයිසා ශූරතාව හිමි කරගත් අතර ජයග්‍රාහකයින්ට පදක්කම් සහ සම්මාන ප්‍රදානය කිරීමද මෙහිදී සිවිය.

මහා සංඝරත්නය ඇතුළු සර්වාගමික පූජකවරන්ද, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

  • මහීපා දෙව්මිණි සිල්වා
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විදුලි හොරුන් මණ්ඩලයට කෝටි අටක් පාඩු කරලා . . .

Sat Nov 4 , 2023
අයථා ක්‍රමවලට  විදුලිය ලබාගැනීම් හේතුවෙන් පසුගිය මාස  අටේදී රුපියල් කෝටි 8කට ආසන්න පාඩුවක් සිදුව  ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඇතැම් පුද්ගලයන්  විදුලි මීටර් වෙනස් කිරීම සහ විවිධ උපකරණ යොදාගනිමින් අයථා ලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් මේ    පාඩුව සිදු ව ඇති බවද  මණ්ඩලය සඳහන් කළේ ය. මේ වසරේ ජනවාරි සිට අගෝස්තු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x