ක්‍රිකට් තහනම ඉවත් කරගන්න අභියාචනා කරයි . . .

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා ක්‍රීකට් සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසංහ ප්‍රතිචාර දක්වා තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇති හේතු මොනවාදැයි දැනුම්දීමෙන් අනතුරුව ඊට අදාළව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඊයේ (10) රැස් වූ මණ්ඩලයේදී තීරණය කර ඇත්තේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීම් බරපතළ ලෙස උල්ලංඝණය කරමින් සිටින බවයි.

විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බවට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහතික විය යුතු බව එහි දැක්වේ.

අත්හිටුවීමේ කොන්දේසි ICC මණ්ඩලය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇති බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මීළඟ ක්‍රියාමාර්ගය නොවැම්බර් 21 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය රැස්වීමෙන් අනතුරුව තීරණය කිරීමට නියමිතයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජංගම දුරකථන සිම්පත ලියාපදිංචියට ජංගම සේවාවක් . . .

Sun Nov 12 , 2023
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්ත ව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් තමන් භාවිත කරන සිම්පත තමන් ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය බව එම කොමිෂන් සභාව පවසනවා. එසේම තමන් ගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x