වෙළෙඳුන්ගෙන් මුදල් වංචා කරන ජාවාරමක් . . .

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් බව සඳහන් කරමින් දුරකථන ඇමතුම් ලබාදී වෙළෙඳුන්ගෙන් මුදල් ලබාගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

පාලන මිල ඉක්මවා සීනි අලෙවි කිරීම සහ තොග සඟවා ගෙන සිටීමේ චෝදනා මත නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති වෙළෙඳසැල් සහ ආයතන වෙත මෙලෙස දුරකථන ඇමතුම් ලැබී ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.

එවැනි දුරකථන ඇමතුම් ලැබුණහොත් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

මේ අතර දින 10ක් තුළ සිදුකළ වැටලීම්වලින් පාලන මිල ඉක්මවා සීනි අලෙවි කළ වෙළෙඳසැල් 300ක් හඳුනාගෙන ඇති බව සඳහන් වෙයි.

එම වෙළෙඳසැල්වල හිමිකරුවන්ට එරෙහිව ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව එම අධිකාරිය පැවසුවේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ටුවර් යන්න මිලියන 68ක් . . .

Wed Nov 15 , 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ව තවත් දින 3ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට ඊයේ (14) තීරණය කරනු ලැබුවා. ඒ අනුව මෙම මස 24, 27 සහ 28 යන දිනවල ක්‍රිකට් ආයතන බලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවනු ඇති. ඊයේ (14) දිනයේදී කෝප් කමිටුව හමුවේ ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ රැසක් අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන්ම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x