නසීර් අහමඩ්ට ආණ්ඩුකාර ධුරයක් . . .

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා දීම හේතුවෙන් තමන් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවී වී ගිය හිටපු ඇමති නසීර් අහමඩ්ට ආණ්ඩුකාර ධුරයක් ලබා දීමට නියමිත බව වාර්තා වේ.

ඔහුට නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ලබා දීමට සූදානම් බවත් මේ වනවිට නැගෙනහිර ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරන සෙන්දිල් තොණ්ඩමන් ඌව පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

එමෙන්ම ඌව පළාතේ වත්මන් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් බස්නාහිර ආණ්ඩුකාර ධුරයටත් දැනට බස්නාහිර ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරන හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකට තානාපති ධුරයක් හිමිවීමට ඉඩ ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

මෙම සියලු පත්වීම් සහ ස්ථාන මාරැ ලබන ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට දැනට සාකච්ඡා කරමින් සිටින බවද තවදුරටත් වාර්තා වේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මං එකෙකුටවත් බය නෑ - සජිත් . . .

Tue Nov 21 , 2023
තමා එකෙකුටවත් බය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවසීය. තනියම වුණත් මුහුණ දෙන්නට තමා සූදානම් බවද විපක්ෂනායකවරයා කීවේ ය. මුං හිවල්ලු ටිකක් ඉන්නේ යනුවෙන්ද විපක්ෂනායකවරයා කීය. පක්ෂ නායකවරයා සභාව අමතද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඝෝෂා කරන විට ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මේ බව කීය. අංජුල මහික වීරරත්න […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x