සතියේ දින 02 ක් ගෙදර ඉදන් වැඩ කරන්න . . .

පාකිස්ථානයේ ලාහෝර් හි සියලුම ව්‍යාපාර රාත්‍රී 10.00 වන විට වසා දමන ලෙස මහාධිකරණය නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ සෑම දිනකම නගරයේ ඉහළ යන පරිසර දූෂණයට එරෙහිව සටන් කිරීමේ උත්සාහයක් ලෙසයි.

සියලුම වෙළඳපලවල්, ආපනශාලා සහ අනෙකුත් ව්‍යවසායන් රාත්‍රී 10.00 ට වසා දැමීමටයි පාරිසරික පෙත්සම් කිහිපයක් විභාග කිරීමෙන් අනතුරුව ලාහෝර් මහාධිකරණයේ විනිසුරු ෂාහිඩ් කරීම්, බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

අධිකරණයේ නියෝග ක්‍රියාත්මක වන බවට වග බලා ගන්නා ලෙස පන්ජාබ් ප්‍රධාන ලේකම්වරයාට ද උපදෙස් ලබා දී ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

මීට අමතර මහාධිකරණය විසින් පන්ජාබ් රජයට උපදෙස් දී ඇත්තේ, සතියේ දින දෙකක් නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම පිළිබඳව බැංකු සහ සේවා ස්ථාන වෙත දැනුම් දෙන ලෙසයි.

පාකිස්ථානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝර් නගරයේ හානිකර පරිසර දූෂණය අවම කිරීමට රජය උත්සාහ කළ ද, පසුගියදා නැවත වරක් ලෝකයේ වඩාත්ම දූෂිතම නගරය ලෙස නම් කරනු ලැබුවා.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන මිල වෙනස් වේ . . .

Fri Dec 1 , 2023
ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බවත් එම මිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x