දිවයිනේ ප්‍රථම කේබල් කාර් සේවය . . .

අම්බුළුවාව කඳු මුදුනට යාමට බහු සංස්කෘතික ජෛව විවිධතා සංකීර්ණය කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇම්බර් ඇඩ්වෙන්චර්ස් සහ චීන ජාතික යාන්ත්‍රික ආයතනය සමග ගිවිසුම්ගත වී තිබේ.

අම්බුළුවාව බහු සංස්කෘතික මධ්‍යස්ථානය, ඇම්බර් ඇඩ්වෙන්චර්ස් ශ්‍රී ලාංකික සමාගම සහ චීන ආයෝජකයන් සමකොටස් අයිතිය ඇතිව මෙම ආයෝජනය සිදුකරන බවත් ආයෝජනයේ වටිනාකම ඩොලර් මිලියන 4.5ක් බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

කේබල් කාර් වෙත ඇතුළු වීම සහ පිටවීමට ස්ථාන 3ක් ඇති අතර කිලෝමීටර් 1.5ක දිගක මෙම කේබල් පද්ධතියක් රක්ෂිතය හරහා ඉදිකිරීමට සැලසුම් කර තිබේ. නව කේබල් කාර් අත්දැකීම ඔස්සේ අවට කඳු, වනාන්තර, ගංගා සහ නගරවල අංශක 360 දර්ශන නැරඹීමට සංචාරකයන්ට ඉඩ සැලසෙයි.

කේබල් කාර් ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ වන්නේ ප්‍රථම වතාවට වන අතර ආයෝජනය සිදුවන්නේ සදාහරිත වනාන්තර, වෘක්ෂලතා සහ සත්ත්ව වනාන්තර වියන මෙන්ම, ළෙන්ගතු සහ විවිධ ඖෂධීය ශාක ඇතුළු ශාක පවුල් 80ක විවිධ ශාක වර්ග 200කින් පමණ පොහොසත් ජෛව විවිධත්වයකින් යුතු ප්‍රදේශයක බව ආයෝජන මණ්ඩලය පවසයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමි අපවත් වෙයි . . .

Fri Dec 1 , 2023
ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරයේ නායක 83 වැනි වියේ පසු වූ අතිපූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ අපවත් වී තිබේ. උන්වහන්සේ, මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලබා ඇත. යටගල රජමහා විහරය, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය සහ ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළු විහාරස්ථාන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x