උගන්ඩාවේ 70 හැවිරිදි කාන්තාවක් නිවුන් දරුවන් බිහි කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඒ සිසේරියන් සැත්කමකින් ය. සෆීනා නමුක්වායා නම් ඇය පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු මෙලෙස බිහි කර ඇත. ඇය උගන්ඩාවේ දරු ප්‍රසූතිය සිදු කළ වයස්ගතම කාන්තාවන්ගෙන් අයෙකු වේ. සිය දරුවන් ද සමඟ ඇය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් […]

සුදත් චන්ද්‍රසේකර වූ කලී එජාපයේ තිරය පිටුපස ප්‍රබල චරිතයකි. රනිල් වික්‍රමසිංහ සමග දසක ගණනාවක් සමීප ඇසුරක් තිබෙන ඔහු රනිල්ගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරියකුද විය. මේ දිනවල ඔහු ගැන කතා බහක් ඇති වූයේ හිටපු ක්‍රීඩා ඇමැති ඔහුට කළ චෝදනාවක් නිසාය. ඒ ගැන සතිඅග අරුණ සමග කළ සාකච්ඡාවකි මේ. ඔබ කොහොමද […]

ඊයේ රාත්‍රිය දක්වාම ඇද හැලුණු මහ වැසි හේතුවෙන් අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානය වටා ඉදිකර තිබූ තාප්පයේ අඩි 30 පමණ කොටසක් කඩා වැටී තිබේ. මෙම කොටසේ සතුන් රදවා සිටි කොටසත් බව රිදියගම සෆාරි උද්‍යනය පවසයි. තාප්පය කඩා වැටීමෙන් පසු සතුන් පලායාම වැලැක්වීම සදහා සේවකයන් යොදවා ඇත. තාප්පයේ කඩා වැටුනු කොටස යථා […]

රජයට තීරුබදු අහිමි කර හොර රහසේ මෙරටට ගෙන්වන ලද විශාල විදේශිය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත.  විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (01) දින අම්බලන්තොට පොලිස් වසමේ වාදුරුප්ප, අම්බලන්තොට ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇත. එහි දී නීති විරෝධීව තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ විසුරුවා හැරීමට කටයුතු කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභාවේදීය. කාන්තා පෙරමුණ තුළ ඇතිවී තිබෙන ආරවුල් හා ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. lanka C news

ප්‍රවීණ සංගීතවේදියකු වූ ආනන්ද ගමගේ මහතා අභාවප්‍රාප්ත වේ. ඊයේ (01) ඒ මහතා අභාවප්‍රාප්තවන විට 73 වැනි වියේ පසුවිය. දකුණු කළුතර උපත ලද ආනන්ද ගමගේ හැදී වැඩී පාසැල් අධ්‍යාපනය නිමකලේද හලාවත මාදම්පේ ග්‍රාමයේය. කරුක්කුව සුගතානන්ද මහ විදුහල සහ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය ඔහු උගත් පාසැල් විය . ඔහුගේ ප්‍රථම සංගීත ගුරුවරුන් වූයේ […]

ඉතා සූක්ෂම ලෙස පෑනක් ආකාරයෙන් සකස් කල විදේශිය නිෂ්පාදිත 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සමඟ අපරාධයකට සැරසුණු පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය ඊයේ (01) වන දින යක්කල පොලිස් වසමේ කෙසෙල්වතුගොඩ පාර අසල දී වැටලීමක් සිදුකර ඇත. එහි දී නිත්‍යානුකූල […]

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මූලික ලංසුවක් යටතේ කාණ්ඩගත කළ ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නම්කර තිබේ. ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 වැනිදා ඩුබායිහී දි පැවැත්වීමට නියමිතයි. මෙවර ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයන් 1,166ක් ලියාපදිංචි වී සිටින අතර, වෙන්දේසියේ දී උපරිම වශයෙන් ක්‍රීඩකයන් 77 […]

කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් පනිකක්ද මඩු රක්ෂිතයට අයත් ප්‍රදේශයේ ගොඩ වැලි නිධි හාරා වැලි ඉවත් කිරීමේ මහා ජාවාරමක් කොටුකරගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා විශේෂ කාර්යය බලකාය , සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහාය සහිතව වැටලීමක් සිදුකර ඇත. මෙම ජාවාරම සිදුවන ස්ථානයට කිලෝමීටර් එක හමාරක් පමණ දුරින් ජයපුරම් පොලිස් ස්ථානය පිහිටා […]

නිරිතදිග බෙංගාලෙ බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය දෙසැම්බර් 01 දින රාත්‍රී 11.30 වන විට උතුරු අක්ශාංශ 10.3° සහ නැගෙනහිර දේශාංශ  85.3° ආසන්නයේ ප්‍රදේශයේ ත්‍රීකුණාමලයේ සිට කිලෝ මීටර් 490ක් පමණ ඊසාන දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඉදිරි පැය 12 තුල ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, දෙසැම්බර් 03 දින වන විට සුළිකුණාටුවක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.