අභයාරාමයේ ලයිට් කපයි . . .

හිග විදුලි ගාස්තුවක් නොපිය වීම හේතුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ විදුලිය විසන්ධි කිරීමට පසුගිය පළවෙනිදා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ.

විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරන්නේ රුපියල් 11,000ක හිගයක් තිබීම මත මෙසේ විදුලිය විසන්ධි කළේ පෙර දැනුම් දීමකින් පවා තොරව බවයි.

තමන් විහාරස්ථානය නොමැති අවස්ථාවක මෙලෙස විදුලි විසන්ධි කර ඇති බවත් දායක සභාවේ පුද්ගලයකු විසින් විදුලි බිල හා දඩ මුදල් ගෙවා ලබාගත් බවත් ආනන්ද හිමියෝ පැවසූහ.

නමුත් මේ ආකාරයෙන් විදුලිය විසන්ධි කිරීම විදුලි බල මණ්ඩලයේ නීති රීති වලට පටහැනි බැවින් ඒ ගැන පරීක්ෂණයක් සිදුකරන ලෙස ද හිමියන් ඉල්ලීමක් ද කර තිබේ.

විදුලිය විසන්ධි කිරීමට පෙර පාරිභෝගිකයාට රතු නිවේදනයක් මගින් දැනුවත් කළ යුතු බව වුවත් ඒ කිසිදු කාර්යයක් මෙහිදී සිදුව නැති බව ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මාලිමාවේ කාන්තාවන්ට පොලිසියෙන් ජල ප්‍රහාරයක් . . .

Mon Dec 4 , 2023
මෙවර අයවැයෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබෙන ප්‍රතිපාදන විශාල වශයෙන් කපා හැරීම ඇතුළු ආණ්ඩුව අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ග ගණනාවකට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තාවෝ පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත් වූ විරෝධතාවයට පොලිසිය ජල ප්‍රහාර එල්ල කර තිබේ. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිණි අමරසූරිය, අයිතීන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x