මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ පුත්‍රයාට රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් දඩයක් නියම කිරීමේ පුවතක් වාර්තා වනවා. අදාළ තරුණයා එලෙස රථවාහන දඩයකට ලක්ව ඇත්තේ, මහනුවර බලා ගමන් කරමින් සිටියදී ගලගෙදර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් පසුකර යෑමට උත්සාහ දැරීමේ දී සුදු ඉර කැපීම හේතුවෙනුයි. මෙහිදි අමාත්‍යවරයාගේ පුත්‍රයා වරද පිළිගෙන ඇති අතර, ඔහුට […]

දෑස් නොපෙනෙන ලක්ෂ හතර හමාරක් වූ දෘශ්‍යාබාධිතයන්ගේ ඇස් දෙක වන් “සුදු සැරයටි” ඔවුන් විසින් ම නිෂ්පාදනය කිරීමේ “sahayogya white cane production” නමින් ස්වයං රැකියා මධ්‍යස්ථානයක් හෝමාගම කිරිවත්තුඩුව මූණමලේ ප්‍රදේශයේ දී ඉකුත් (02) ආරම්භ කෙරිණි. ඊයේ (03) යෙදී ඇති ජාත්‍යන්තර ආබාධිතයින්ගේ දිනයට සමගාමීව දෘශ්‍යාබාධිතයන්ගේ ජනතා සම්මේලනයේ භාණ්ඩාගාරික ප්‍රියන්ත මල්ලවාරච්චි විසින් මෙම ස්වයං […]

මෙවර අයවැයෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබෙන ප්‍රතිපාදන විශාල වශයෙන් කපා හැරීම ඇතුළු ආණ්ඩුව අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ග ගණනාවකට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තාවෝ පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත් වූ විරෝධතාවයට පොලිසිය ජල ප්‍රහාර එල්ල කර තිබේ. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිණි අමරසූරිය, අයිතීන් […]

හිග විදුලි ගාස්තුවක් නොපිය වීම හේතුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ විදුලිය විසන්ධි කිරීමට පසුගිය පළවෙනිදා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ. විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරන්නේ රුපියල් 11,000ක හිගයක් තිබීම මත මෙසේ විදුලිය විසන්ධි කළේ පෙර දැනුම් දීමකින් පවා තොරව බවයි. තමන් විහාරස්ථානය නොමැති අවස්ථාවක මෙලෙස විදුලි විසන්ධි කර ඇති බවත් දායක […]

අලුතින් ඉදිකරන ලද නව  කැලණි පාලමේ පරික්ෂා කිරීම් වෙනුවෙන් එම පාලම ඉදිරි දිනවල අවස්ථා කිහිපයක දීම වසා දැමීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පවසයි. ඒ අනුව ඉකුත් (1) දින රාත්‍රි 9.00 වසා දැමුණු නව කැළණි පාලම හෙට (4) අලුයම 6.00 ට විවෘත වන බවත්, […]

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර ඇත. ඒ අනුව විදේශයක දී දික්කසාද වූ යුවළක් යළිත් මෙරට දිස්ත්‍රික් උසාවියකින් දික්කසාදයක් ලබාගත යුතු බවට මෙතෙක් පැවති නීතිය මෙම තීන්දුව මගින් අවලංගු වේ. එංගලන්තයේ පුරවැසිභාවය හිමි චම්පික නරේන්ද්‍ර සිල්වා […]

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවිය. ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ඥාතීන් පැවසීය. සුමින්ද සිරිසේන උපන්නේ 1948 ජූලි 4 වැනිදා කෑගල්ලේ පිටිසර ගමක්වූ බොස්සැල්ලේදී පවුලේ වැඩිමලා ලෙසය. ඔහුගේ පියා […]

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් 15ක් පත්කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර්ව පත්කර ඇත. මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ය. මේ අතර හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ධූරය හිමිව තිබෙනවා. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.