අලුත් කැලණි පාලම දින කිපයක් වහයි . . .

අලුතින් ඉදිකරන ලද නව  කැලණි පාලමේ පරික්ෂා කිරීම් වෙනුවෙන් එම පාලම ඉදිරි දිනවල අවස්ථා කිහිපයක දීම වසා දැමීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පවසයි.

ඒ අනුව ඉකුත් (1) දින රාත්‍රි 9.00 වසා දැමුණු නව කැළණි පාලම හෙට (4) අලුයම 6.00 ට විවෘත වන බවත්, මෙම මස 8 වැනි දින රාත්‍රි 9.00 යළි වසා දැමෙන පාලම 11දින පෙරවරු 6.00 ට විවෘත වන බව ද හෙතෙම කීය.

එලෙසම 15 දින යළි වසා දැමෙන පාලම 18 දින අලුයම 6.00 යළි විවෘත වන බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වසා තැබෙන මෙම කාල තුළ රථවාහන තදබදයක් ඇති නොවන ආකාරයෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නව කැළණි පාලම ඉදිවීමට ප්‍රථම භාවිතා කළ කැලණි පාළම ඔස්සේ රථවාහනවලට අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

  • ඉන්දිකා රාමනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අභයාරාමයේ ලයිට් කපයි . . .

Mon Dec 4 , 2023
හිග විදුලි ගාස්තුවක් නොපිය වීම හේතුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ විදුලිය විසන්ධි කිරීමට පසුගිය පළවෙනිදා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ. විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරන්නේ රුපියල් 11,000ක හිගයක් තිබීම මත මෙසේ විදුලිය විසන්ධි කළේ පෙර දැනුම් දීමකින් පවා තොරව බවයි. තමන් විහාරස්ථානය නොමැති අවස්ථාවක මෙලෙස විදුලි විසන්ධි කර ඇති බවත් දායක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x