මෙරටින් හමු වූ මිල කළ නොහැකි පළිඟු මැණික . . .

මෙරටින් විශාල කැරට් අගයකින් මෙන්ම ඉහළ කෞතුක වටිනාකමකින් යුතු මිල කළ නොහැකි පළිඟු මැණිකක් හමු වී තිබෙනවා.

පසුගියදා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පතලකින් හමු වූ මෙම විශාල ප්‍රමාණයේ පළිඟු මැණික කිලෝ විසි දෙකක බරින් යුක්ත වන බවයි මැණික පරීක්ෂා කළ, මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් කියා සිටියේ.

එමෙන්ම මෙම මැණිකෙහි කැරට් අගය එක්ලක්ෂ දසදහසක් වන බවත්, මෙම පළිඟු මැණික අනෙක් පළිඟු මැණික්වලට වඩා දුර්ලභ වන්නේ එහි අභ්‍යන්තරයේ දිය බුබුළක් පිහිටා තිබීම බවත් ඔවුන් පේනවා දෙනවා.

එමෙන්ම මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කරන්නේ, මෙය දුර්ලභ ගණයේ පාෂාණයක් වන බැවින් එහි කෞතුක වටිනාකම ඉහළ අගයක් ගන්නා බවත්, පළිඟු මැණිකෙහි මූල්‍යමය වටිනාකම තවමත් ගණනය කරමින් සිටින බවත්ය.

පසුගියදා (03) එම මැණිකෙහි හිමිකරු විසින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත මෙය භාර දී ඇති අතර එහි ආරක්ෂාව තහවුරු කිරීම හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීමට බලාපරොත්තු වන බවයි වාර්තා වන්නේ.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පානදුර රෝහල කොවිඩ් රෝගීන්ටම වෙන්වෙයි . . .

Wed Dec 6 , 2023
පානදුර මූලික රෝහල සම්පූර්ණයෙන්ම කොරෝනා රෝගීන් සඳහාම වෙන් කිරීමට තීරණය කළ බව කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක පැවසීය. කළුතර දිස්ත‍්‍රික් ලේකම් සහ කොවිඞ් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ප‍්‍රසන්න ගිනිගේ ගේ ප‍්‍රධානත්වයෙන් කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (9 දා) පැවති කොවිඞ් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡුාවට බඳුන් වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x