සුපිරි ක්‍රිකට් තරුවකගේ රුව ඩොලර් නෝට්ටුවට . . .

ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික විශිෂ්ටයෙක් වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කළ ක්‍රිකට් ලොව බිහි වූ ශ්‍රේෂ්ටතම පිතිකරුවකු වන විවියන් රිචර්ඩ්ස් හට උපහාර පිණිස මුදල් නෝට්ටුවකට ඔහුගේ රුව ඇතුළත් කිරීමට නැගෙනහිර කැරිබියන් දූපත් බැංකුව තීරණය කොට ඇත.

ඩොලර් 2ක වටිනාකමින් යුතු මෙම නෝට්ටුව නැගෙනහිර කැරිබියන් දූපත්හි භාවිතය සඳහා ලබාදෙන බවටද නිවේදනය වී ඇත.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන සලකුණක් වන විවියන් රිචර්ඩ්ස් පන්දු යවන්නන් සඳහා වැඩි වාසි ගෙනදුන් 80 දශකයේදී ලොව අංක එකේ ටෙස්ට් සහ එක්දින පිතිකරුවා බවටද පත් විය.

සිය ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 121ට මුහුණ දුන් විවියන් රිචර්ඩ්ස් ශතක 24ක් සහ අර්ධ ශතක 45ක් සමගින් ලකුණු සාමාන්‍යය 50.23ක අගයක පවත්වා ගනිමින් ලකුණු 8,540ක් රැස් කිරීමට සමත් වූවේය.

එමෙන්ම එක්දින තරග 187දී ශතක 11ක් අර්ධ ශතක 45ක් සමගින් ලකුණු සාමාන්‍යය 47.00ක අගයක් පවත්වාගත් මොහු එක්දින ලකුණු 6,721ක් රැස් කිරීමටද සමත් වූවේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජෙරම්ගේ වාට්ටුවෙන් දුරකතන 33ක් හා සිම් 35 ක් සොයගනී . . .

Thu Dec 7 , 2023
බන්ධනාගාර නිලධාරින් විසින් වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු රඳවා සිටින වාට්ටුවල සිදු කළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන තොගයක් සොයාගෙන තිබේ. ජී හා එච් වාට්ටුවල සිදුකළ මෙම වැටලීමේදී ජංගම දුරකතන 33ක් හා ඊට අදාළ සිම්පත් 35 ක් සොයාගෙන ඇත. ජෙරම් ප්‍රනාන්දු මැගසින් බන්ධනාගාරයේ ජී වාට්ටුවේ මේ වන විට රඳවා සිටියි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x