මාතර කොටුවෙන් හමුවූ අස්ථි අයත් යුගය තහවුරු වේ . . .

මාතර කොටුව තුළ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් සිදුකළ කැණීමක් අතරතුර හමුවූ අස්ථි කොටස් සහ ද්‍රව්‍ය ලන්දේසි යුගයට අයත් බවට පුරාවිද්‍යා නිලධාරින් විසින් සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

එම ස්ථානයේ විදුලි රැහැන් කණුවක් සිටුවීමට වළක් හාරමින් සිටියදී මිනිස් අස්ථි කොටස් ,පෝසිලේන් ද්‍රව්‍ය, දුම්බටයක් හා මැටි භාණ්ඩ කිහිපයක් හමුවිය.

අනතුරුව ඒවා මාතර තාරකා කොටුව කෞතුකාගාරයේ තැන්පත් කර තැබීමටයි අධිකරණය නියෝග කර ඇත.

මේවන විට අදාළ ස්ථානයේ තවදුරටත් කැණීම් සිදුකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දෙහිවල සත්ත්ව උද්‍යානයේ ජිරාෆ් මිය යයි . . .

Fri Dec 8 , 2023
දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සතුන් දෙදෙනාගෙන් එක් ජිරාෆ් සතෙකු මියගොස් ඇති බව සත්ත්ව උද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරයි. අසාත්මිකතාවක් හේතුවෙන් මෙම සත්ත්වයා මිය ගිය බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ  පැවසුවේය. ඒ අනුව සත්ත්වයාගේ ඉදිරිපස කුරයකට මෙම ආසාදනය වැළඳී තිබෙයි. ඒ ජිරාෆ් සත්ත්වයාට ලබා දුන් ප්‍රතිජීවක ඖෂධ හේතුවෙන් බවයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x