AI තාක්ෂණයෙන් බලගැන්වූ සුවසැරිය . . .

සුවසැරිය ගිලන් රථ සේවාව AI තාක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව නව ක්‍රමය යටතේ රෝගියා සහ වෛද්‍යවරයා ඉතා සමීප ලෙස දර්ශනය වෙන අතර රෝගියාගේ රෝග විනිශ්චය ඉතා කඩිනමින් ලබා ගත හැකියාව පවතියි.

මීට පෙර පැවති ක්‍රමය වන්නේ, ගිලන්රථයේ සිටින රෝගියා සහ වෛද්‍යවරයා දුරකතනය සමඟ සම්බන්ධ වීමයි.

කෙසේ වෙතත් රෝගියාගේ තත්ත්වය සහ අවශ්‍ය ප්‍රතිකාර අනුව ආසන්නව පිහිටි රෝහලට රෝගියාව යොමු කිරීමට මේ හරහා හැකිවන අතර එය වඩාත් පහසුදායි ක්‍රමවේදයක් වනු ඇති.

මෙය හඳුන්වාදීමේ අවස්ථාවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා දැක්වූ අදහස්.

“1990 සුවසැරිය අද සුවිශේෂී සංධිස්ථානයකට පැමිණියා. ඒ තමයි, ආසියානු කලාපයේ පළමු වරට ගිලන් රථ සේවාවක් Mixed reality සහ AI තාක්ෂණය භාවිත කර ගිලන්රථය තම වෛද්‍යවරයා සමඟ ඒකාබද්ධ කිරීම.

මීට කලින් මේ ඒකාබද්ධතාව සිදු වුණේ දුරකතනයෙන්. මේ නිසා සුවසැරියේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම තව තවත් ශක්තිමත් වෙනවා. මේ සඳහා සුවසැරිය සමඟ අත්වැල් බැඳගෙන සිටින Wavenet සමාගමටත්, තාක්ෂණික දායකත්වය දෙන මයික්‍රෝසොෆ්ට් සමාගමටත් මා ස්තූතිවන්ත වෙනවා.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස මුලින්ම කොළඹ සහ යාපනය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර පසුව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර සුවසැරිය සේවකයන්ටත් 10,000ක ජීවන වියදම් දීමනාව දෙන්නැයි මා කළ ඉල්ලීම ඉටු කරන බව ඇමැති රමේෂ් පතිරණ මේ අවස්ථාවේදී සඳහන් කළා.

1990 සුවසැරිය ක්‍රියාන්විතයට ස්වේච්ඡාවෙන් නායකත්වය දෙන දුමින්ද්‍ර රත්නායක, සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා ත්, දිවා රෑ කැපවී රට වෙනුවෙන් උතුම් සේවාවක් සිදු කරන කාර්ය මණ්ඩලයටත්, අධ්‍යක්ෂ මණ්ඩලයටත් මා ප්‍රණාමය පුද කරනවා.”

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෑමට තණකොළ සහ පිදුරු . . .

Fri Dec 15 , 2023
රටපුරා විවිධ ප්‍රදේශවල බස් නැවතුම්පොළවල සහ මඟ දෙපස කඩකාමර අසල තණකොළ සහ පිදුරු මිටි එල්ලා තිබෙනු  දක්නට ලැබිණි. එය කිසියම් පිරිසකට ආහාරයට ගන්නැයි ද දැන්වීම් මගින් දැන්වත් කර තිබූ අයුරුද දක්නට ඇත. බටපොළ, නාරම්මල, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක මෙවැනි තණකොළ මිටි එල්ලා තිබෙනු දක්නට ලැබිණි. ප්‍රබල දේශපාලන පක්ෂයක කොළඹ පැවැත්වෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x