දැඩි විරෝධය මැද්දේ කඩා ඉවත්කළ හෝටලය . . .

ඊයේ  (01) පෙරවරුවේ පොලීසිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේතුව එක්ව, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙනත් අයෙකුගේ නමින් දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හෝටලයක් එම ස්ථානයෙන් කඩා ඉවත් කළේය.

දෙහිවල මුහුදු තීරයේ, ඩුබායීහී සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා වෙනත් අයෙකුගේ නමින් එම හෝටලය පවත්වා ගෙන ගොස් තිබුණි.

එය අනවසර ඉදිකිරීමක් ලෙස ද සැලකෙයි. යුක්තිය මෙහෙයුමට අදාළව සිදුකෙරුණු මෙම කටයුත්තට ආරක්ෂාව සැපයීම සඳහා දෙහිවල – ගල්කිස්ස කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවල පොලිස් නිලධාරින් සහ කැරලි මර්දන අංශ යොදවා තිබුණි.

කෙසේ වෙතත් එම ඉදිකිරීම කඩා ඉවත්කරන අවස්ථාවේ එම හෝටලයේ සේවයේ නියුතුව සිටි නිලධාරියෙක් පොලිස් නිලධාරින්ට බාධා කිරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

  

  • Sewvandhi

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දෘෂ්ටි මායාවක් සහිත මාර්ගයේ ඇත්ත හෙළිවෙයි . . .

Tue Jan 2 , 2024
ශ්‍රී ලංකාවේ පළමුවරට දෘෂ්ටි මායාවක් සහිත මාර්ග කොටසක් සොයාගැනීමට සමත්ව තිබේ. නාඋල-ඇළහැර ප්‍රධාන මාර්ගයේ මොරගහකන්ද ජලාශයට ආසන්න ප්‍රදේශයකින් මෙම මාර්ග කොටස හමු වී තිබෙයි ඊයේ උදෑසන,  හිටපු යුද හමුදා කර්නල්වරයෙකු වන රත්නප්‍රිය බන්දු මේ පිළිබඳව අතුල සේනාරත්න මහාචාර්යවරයාට වීඩියෝ මගින් දැනුම්දීමත් සමග එම ස්ථාන පරික්ෂාවට පැමිණි මහාචාර්යවරයා පැවසුවේ මෙවැනි ස්ථානයක් ශ්‍රී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x