රෝගීන් අසරණ කළ සෞඛ්‍ය වර්ජනය . . .

වෛද්‍යවරුන්ට ලබාදීමට නියමිත රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ අවසන් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

එම දීමනාව ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය ගත් තීරණයත් සමග පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගිය අඟහරුවාදා දිනයේ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමත් සමග දිවයින පුරා රෝහල්වල කටයුතුවලට බාධා එල්ල විය.

එවැනි පසුබිමක රෝහල් ලේකම්වරුන්, පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය කාර්යය සහයකයන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය ද ඊයේ උදෑසන 6.00 සිට එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එම ක්‍රියාමාර්ගය අද උදෑසන 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ගැටලුව විසදීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් නොවන්නේ නම් ඉදිරියේදී යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමුවන බවයි, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කළේ .

  • Aruna

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අමතර කොටස් නැතිව ශ‍්‍රී ලන්කන් යානා හතරක් ගාල් කරයි . . .

Fri Jan 12 , 2024
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා හතරක් අලුත්වැඩියා කිරීමට අමතර කොටස් නොමැතිකම නිසා ගාල්කර තිබේ. දැනටමත් සමාගම සතුව ප්‍රමාණවත් ගුවන් යානා නොමැතිකම නිසා ගුවන් ගමන් වාර විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුව ඇති අතර ඉකුත් වසරේදී පමණක් මෙසේ අවලංගු කරන ලද ගුවන් ගමන් වාර ගණන සිය ගණනකි. ඊට අමතරව ගුවන් ගමන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x