උ/පෙළ කෘෂි ප්‍රශ්න පත්‍රය පිටවීම පරීක්ෂණ CIDයට . . .

උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

පසුගිය 10 වැනිදා එම ප්‍රශ්න පත්‍රය පිට වූ බව තහවුරුවීමත් සමග එම ප්‍රශ්නපත්‍රය අවලංගු කර නැවත විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරික්ෂා කර ඇත්තේ මෙම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ බවට ලැබුණු තොරතුරු අනුව ය. මෙවර කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය සඳහා අයදුම්කරුවෝ පහළොස් දහසක පමණ පිරිසක් පෙනී සිටියහ.

දෙපාර්තමේන්තු ඉතිහාසයේ විභාග ප්‍රශ්න පත්‍රයක් පිට වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. මින් පෙර ප්‍රශ්න පමණක් පිටවීමේ සිද්ධීන් වාර්තා වී තිබේ.

  • නිලන්ත මදුරාවල
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අධ්‍යයන කටයුතු සඳහා මෘත ශරීර භාරගැනීම නවතී . . .

Sat Jan 13 , 2024
අධ්‍යයන කටයුතු සහ පර්‌යේෂණ සඳහා මෘත ශරීර භාරගැනීම රාගම වෛද්‍යපීඨය විසින් මේ දිනවල තාවකාලිකව නතර කර ඇත. මෘතශරීර තැන්පත් කර ඇති අධිශීතකරණවල ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා එම වෛද්‍යපීඨයේ පාලනාධිකාරිය මෙම තීරණය ගෙන තිබේ. මෙම තත්ත්වය මත අන්තිම කැමැති පත්‍රයකින් මෘත ශරීරය පර්‌යේෂණ සඳහා භාරදීමට කැමැත්තෙන් සිට මියගිය පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x