ලොව ධනවත්ම දේශපාලනඥයා රුසියානු ජනාධිපති . . .

ලොව ධනවත්ම දේශපාලනඥයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බව ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පවසයි.

ඔහුට අයත් වත්කම් වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක් බවත් ඒ අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මන්දිරයක්, ඇමෙරිකානු ඩොලර් මිලියන 716 ක ගුවන් යානයක් තිබෙන බව ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය සඳහන් කර ඇත.

එම මන්දිරයේ කෑම කාමරයේ තිබෙන භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක් බවද එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.එසේම ඔහුට මෝටර් රථ 700 ක් , සැහැල්ලු ගුවන් යානා සහ හෙලිකොප්ටර් 58 ක් , නිවාස 19 ක් පමණ හිමි බව පැවැසෙයි.ජනාධිපති පුටින්ට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 716 ක වටිනාකමින් යුත් ගුවන් යානය පියාසර කරන ක්‍රෙම්ලිනය ලෙස හඳුන්වන බවද එම වාර්තා දැක්වේ.

ජනාධිපති පුටින්ගේ වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක් ලෙස සටහන් කළත් සැබැවින්ම එය ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ට වඩා වැඩි බව ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය සඳහන් කරයි. නමුත් ඔහු මෙතරම් වතක්මක් උපයා තිබෙන්නේ කෙසේදැයි අභිරහසක් බවද ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දොස්තරලාට දීමනාව ගෙවීම අත්හිටුවයි . . .

Tue Jan 23 , 2024
වෛද්‍යවරුන් සදහා රාජකාරී බාධා පැමිණ සිටීමේ දීමනාව (DAT) දීමනාව ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ. මහා භාණ්ඩාගාරය විසින් ඊට අදාළ මුදල් මෙතෙක් ලබාදීමට කටයුතු කර නොමැති බවත් ගැටලුව නිරාකරණය කරගන්නා තෙක් එම දීමනාව ගෙවීම තාවකාලිකව අත්හිටුවන ලෙසට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x