දොස්තරලාට දීමනාව ගෙවීම අත්හිටුවයි . . .

වෛද්‍යවරුන් සදහා රාජකාරී බාධා පැමිණ සිටීමේ දීමනාව (DAT) දීමනාව ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ.

මහා භාණ්ඩාගාරය විසින් ඊට අදාළ මුදල් මෙතෙක් ලබාදීමට කටයුතු කර නොමැති බවත් ගැටලුව නිරාකරණය කරගන්නා තෙක් එම දීමනාව ගෙවීම තාවකාලිකව අත්හිටුවන ලෙසට සෞඛ්‍ය ලේකම්වරයා දැනුම් දී ඇති බව ද නිවේදනයේ දැක්වෙයි.

වෛද්‍යවරුන්ට මෙම දීමනාව ලබාදීමට එරෙහිව ‍සෞඛ්‍ය සේවයේ සුළු සේවක සංගම් රැසක් පසුගිය දින කිහිපය පුරාම විරෝධතාවන්හි යෙදුණහ. ඔවුන් කියා සිටියේ තමන්ටද වෛද්‍යවරුන්ට අදාළ එම දීමනාව ලබාදිය යුතු බවය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

‘යුක්තිය’ වහා නවතනු . . .

Tue Jan 23 , 2024
පාතාල අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් දියත් කරන කරමින් තිබෙන ‘යුක්තිය’ මෙහෙයුම වහාම අත්හිටුවන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලීමක් කර තිබේ. ‘යුක්තිය’ මෙහෙයුම සමාලෝචනය කර සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන්නැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් පිරිසක් විසින් නිවේදනයක් නිකුත් කරමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x