මෙරට අක්ෂි කාචවල හිඟයක් . . .

කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි කාචවල හිඟයක් පවතින රෝහල් ආරංචි මාර්ග පවසනවා.

එලෙස අක්ෂි කාච දැමීමට පැමිණෙන සමාන්‍ය රෝගීන්ට එම කාච ඇණවුම් කිරීමෙන් පසු ලබාගැනීමේ හැකියාව ඇති අතර ඒ සඳහා රෝගින්ට යම් කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳි සිටීමට සිදු වී තිබෙනවා.

එමෙන්ම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම අක්ෂිකාචද දානපතින් විසින් ලබාදෙන අක්ෂිකාච බවත්, විශේෂ සැත්කම් සිදුකිරීමට අවශ්‍ය රෝගින්ට එම විශේෂිත අක්ෂිකාච පිටතින් මිලදී ගැනීමට සිදුව ඇති බවත්ය.

මෙරට ජනගහනයෙන් පුද්ගලයන් ලක්ෂ දෙකක් අන්ධභාවයෙන් පෙළෙන අතර එම පිරිසෙන් පුද්ගලයන් එක්ලක්ෂ පනස්දහසකගේ (150000 ) පෙනීම යළි ලබා දීමට හැකියාව ඇත.

කෙසේ වෙතත් ඒ සඳහා අවශ්‍ය අක්ෂි කාච, එන්නත් වර්ග සහ අනෙකුත් ශල්‍ය උපකරණ නොමැති වීම හේතුවෙන් අදාළ සැත්කම් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති අතර විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ අක්ෂි සංකුලතා වැඩි වී ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.

නමුත් මේ වන විට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අක්ෂි කාච මෙරටට ගෙන්වීම නතර වී තිබෙනවා.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

චීනයේ ප්‍රබල භූ කම්පනයක් . . .

Tue Jan 23 , 2024
චීන – කිර්ගිස්තාන් දේශ සීමාවේ රික්ටර් මාපක 7.0ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. ප්‍රාදේශීය බලධාරීන් භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වෙත ළඟා වීමට කණ්ඩායමක් පිටත් කර යවා ඇති බව ෂින්හුවා රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x