චීනයේ ප්‍රබල භූ කම්පනයක් . . .

චීන – කිර්ගිස්තාන් දේශ සීමාවේ රික්ටර් මාපක 7.0ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

ප්‍රාදේශීය බලධාරීන් භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වෙත ළඟා වීමට කණ්ඩායමක් පිටත් කර යවා ඇති බව ෂින්හුවා රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සදහන් කරයි. එසේම 800 ක් පමණ විශාල ආපදා සහන මෙහෙයුම් කණ්ඩායමක් ද සූදානමින් සිටින බව වාර්තාවේ.

අක්සු නගරයට කිලෝමීටර් 140ක් බටහිර දෙසින් පිහිටි චීනයේ ෂින්ජියැන්ග් ප්‍රදේශයේ කිලෝමීටර් 13ක් ගැඹුරින් අලුයම 2.00 ට පමණ භූමිකම්පාව සිදුව ඇත.

ෂින්හුවා ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත්තේ වුෂි නැමැති ග්‍රාමීය ප්‍රාන්තය මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රයට ආසන්න ප්‍රදේශයක් වන බවත් එහි නිවාසවලට හානි සිදුව ඇති අතර විදුලියද විසන්ධි වී තිබේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චීනයේ යුනාන් ප්‍රාන්තයේ නාය යෑමකින් 8ක් මරුට . . .

Tue Jan 23 , 2024
චීනයේ දකුණුදිග යුනාන් ප්‍රාන්තයේ ඊයේ සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 8 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, තවත් 47 දෙනකු අතුරුදන් වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ අලුයම 5.51ට පමණ සිදු වූ මේ නාය යෑමට හේතුව කුමක්දැයි මෙතෙක් හෙළි වී නැති අතර, මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමටත්, අතුරුදන් වූ පුද්ගලයන් කඩිනමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x