‘යුක්තිය’ වහා නවතනු . . .

පාතාල අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් දියත් කරන කරමින් තිබෙන ‘යුක්තිය’ මෙහෙයුම වහාම අත්හිටුවන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලීමක් කර තිබේ.

‘යුක්තිය’ මෙහෙයුම සමාලෝචනය කර සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන්නැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් පිරිසක් විසින් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

මත්ද‍්‍රව්‍ය භාවිතා කරන අයටද මානව හිමිකම් පවතින බවත් ඔවුන්ට වෙනස් කොට සැලකීම, අපකීර්තියට පත් කිරීම නොකර ගෞරවාන්විත ජීවත්වීමේ අයිතියක් සලසා දිය යුතු බව නිවේදනයේ දැක්වෙයි.

මත්ද‍්‍රව්‍ය වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම හා හමුදාව විසින් පුනරුත්තාපන මධ්‍යස්ථානවල රඳවා ගැනීම පිළිබඳව වාර්තා වන සිදුවීම් හෙලා දකින බවද නිවේදනයේ සඳහන්ය.

පුනරුත්ථාපනය සඳහා මත්ද්‍රව්‍ය භාවිතා කරන අය යොමු කළ යුත්තේ ඔවුන්ගේ කැමැත්තෙන් වන බවත් අනිවාර්ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය වසා දැමිය යුතු බවත් නිවේදනයේ තවදුරටත් සඳහන්ය.

මත්ද‍්‍රව්‍ය පාලනයට සන්නද්ධ හමුදා යොදා ගැනීම නතර කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව මත්ද්‍රව්‍ය වැරැදි පිළිබඳව වත්මන් නීති සම්පාදනය කළ යුතු බවත් ඔවුන් නිවේදනය කරයි.

සම්පූර්ණ නිවේදනය මෙතනින්…

  •  lanka C news

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රජයේ වෛද්‍ය නිලධාරීන් යළි අඛණ්ඩ වැඩ වර්ජනයක . . .

Tue Jan 23 , 2024
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. රජය විසින් මීට පෙර සඳහන් කළ පරිදි DAT දීමනාව හෙවත් රුපියල් 35,000ක දීමනාව ජනවාරි මාසයේ සිට ලබානොදීමට තීරණය කර ඇති බවට ලද තොරතුරකට අනුව එම සංගමය මෙම තීරණය ගනු ලබන බව සඳහන් කරයි. dinamina

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x