කොවිඩ් වයිරසයට වඩා විසි ගුණයක් මාරාන්තික වසංගතයක් . . .

නුදුරු අනාගතයේදී ලෝක ප්‍රජාවට කොවිඩ් වයිසරයට වඩා විසි ගුණයක් මාරාන්තික විය හැකි වසංගතයකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ‘Disease X‘ ලෙස එම වසංගතය හඳුන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගෙබ්‍රියෙසස් ඊට මුහුණ දීම සඳහා සියලු රටවල් එක්ව වසංගත ගිවිසුමකට අත්සන් තැබිය යුතු බව ද අවධාරණය කර ඇත.

පසුගියදා ස්විට්සර්ලන්තයේ ඩවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ අනතුරු ඇඟවීම සිදු කර තිබේ. ලබන මැයි මාසය වන විට සියලු රටවල් එක්ව මේ පොදු සතුරා පරාජය කිරීමේ ගිවිසුමට අත්සන් තබනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කර ඇත.

‘Disease X‘ ලෙස එම වසංගතය හඳුන්වා ඇත්තේ මෙතෙක් එය හඳුනා ගත් වසංගතයක් නොවීම හේතුවෙන් බවත්, එම වසංගතය බොහෝ විට කොවිඩ් වසංගතයට සමාන හෝ ඊට වඩා මාරාන්තික වසංගතයක් වීමේ අවදානමක් පවතින බවත් වාර්තා වේ. එමෙන්ම එය වයිරසයක්, බැක්ටීරියා විශේෂයක් හෝ දිලීර විශේෂයක් ද විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කර ඇතැයි ද වාර්තා වේ. ඉදිරියේදී මුහුණ පෑමට සිදු වන එම වසංගතය කොවිඩ් 19, එබෝලා, ලස්සා උණ, නීපා, සීකා වැනි දහස් සංඛ්‍යාත මරණ සංඛ්‍යාවකට හේතු වූ වසංගත ලැයිස්තුවට ද ඇතුළත් කර ඇත.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සීනි බදු වංචාවේ පරීක්ෂණ අවසන් . . .

Wed Jan 24 , 2024
සීනි බදු වංචාවක් සිදුවූ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නිමකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය. එම පරීක්ෂණයේ ලිපි ගොනු උපදෙස් ලබාගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කර ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඊට අදාළ පිළිතුරුද මේ වනවිට ලැබී ඇතැයි ඔහු පැවසීය. එසේ කර ඇත්තේ එම වංචාවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x